ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

Splash Pro EX - Next Generation Player

අපේ අය තාමත් 720p, 1080p, BluRay, HD video බලන්නේ VLC, Classic Media Player වගේ software වල. High Quality බලනවා කියල එකේ නියම ගතිය නැහැ. අලුත් විදියට, අලුත්තාලේ Player එකකින් 720p, 1080p, BluRay තවත් හොඳට, තාත්විකව, smooth ලෙස නරඹමු.
Splash PRO lets you enjoy your videos like never before - smooth motion, crisp details and vivid colors. Enjoy the best video quality and unique user experience.

Java Desktop Application එකකින් GMail, Yahoo හරහා Email යවමු.

මේ වගේම වැඩක් කලින් C# වලින් Desktop Application සඳහා කළා ඔයාලට මතක ඇති. මෙන්න Java වලින් ඒ වැඩේ කරන හැටි. මෙතැනදී Email එක යවන කෙනාගේ email එක Yahoo ද, GMail ද කියන එක program එකෙන් auto detect කරගන්න විදියටයි හැදුවේ. ඒ අනුව අදාල email server එක හදුනාගෙන email එක send වෙනවා. ඔයාලත් අත්හදා බලන්න. සමහරවිට ඔයාලගේ client කෙනෙකුට කරන software එකකට මෙහෙම දෙයක් උවමනා වෙන්න පුළුවන්.
C# වලින් ඕන අයට, මේක අලුතින්ම දකින අයට,
C# වලින් Gmail හරහා Email යවන හැටි මෙතනින් බලන්න.
http://kohomaharigodayamu.blogspot.com/2012/06/c-application-gmail-email.html
C# වලින් Yahoo හරහා Email යවන හැටි මෙතනින් බලන්න.
http://kohomaharigodayamu.blogspot.com/2012/06/c-application-yahoo-mail-email.html

මේ post එකත් එක්කම මේකේ source code සහ මේ සඳහා උවමනා කරන jar library file ටිකත් ලබාදෙනවා.

C# Standalone Application Project එකක් Install කරන්න පුළුවන් විදිහට Setup එකක් හදමු.

C# Project එකක්, C# Application එකක් කොහොමද install කරන්න පුළුවන් විදිහට හදන්නේ කියල අපි බලමු. මෙහිදී අපි භාවිතා කරන්නේ Visual Studio ම තමා. මං භාවිතා කරන්නේ Visual Studio 2010.මේ video ඒක බලන්න.මෙහිදී මම Radio Zone කියල කරලා තියෙන C# Project එකක් භාවිතයට ගන්නවා. ඔයාලත් C# application එකක් හදලා ඉවර වෙලා මේ පියවරට එන්න.


Download Links ගන්න ඇතුලට යමු.

HTML 5 - Registration Form - Validation without JavaScript

use HTML 5 more compatible web browsers,
1. Opera          2. Google Chrome          3. Mozilla Firefox
First Name
Middle Name
Last Name
Email Address
Password
Password
GenderMale
Female
Birthday
Birth Time
Mobile Phone
Land Phone
District
School EraFrom
To
Web Site

HTML 5 වල විශේෂ  කරුණක් තමයි JavaScript හෝ වෙනත් Script වර්ගයක් හෝ භාවිතා නොකර අපට පුළුවන් validation කරන්න.
ඒ වගේම අපේ පහසුවට හුගක් input types තියේ. මෙතෙක් කල් භාවිතා කල text යන්නට අමතරව,
ඊමේල්  ලිපිනයක් ඇතුලත් කිරීමට email යන්නත්,
වෙබ්  ලිපිනයක් ඇතුලත් කිරීමට url යන්නත්,
දිනයක් ඇතුලත් කිරීමට date යන්නත්,
වෙලාවක් ඇතුලත් කිරීමට time යන්නත්,
දිනය, වෙලාව දෙකම සඳහා datetime යන්නත්,
ඉලක්කම් ඇතුලත් කිරීමට number යන්නත් ලෙස යොදා ගත හැකි අලුත් tags කිහිපයක්ම තිබේ.
ඉතින් මේ tags භාවිතා කරලා, ඒ ඒ data input එකට ගැලපෙන්න data නොතිබුනොත් browser එකෙන් errors පෙන්වනවා. මේ වම් පස තියෙන උදාහරණය බලන්න. මේකේ Registration Form එකකට ගැලපෙන්නේ නැති, දේවල් තියේ තමා නමුත් ඔයාලට මේ දේවල් පැහැදිලි කරන්න, පෙන්නන්න ඕන නිසා ඔක්කොම දේවල් මේකට ඇතුලත් කළා.

HTML 5 - JavaScript - Simple Calculator


මේ තියෙන්නේ HTML, JavaScript භාවිතා කරලා හදපු සරලම Calculator එකක්. JavaScript එකෙන් තමා සියලුම ගණිතකර්ම වැඩ සිදුකරන්නේ.
අපි බලමු ඉතාම සරලව HTML සහ JavaScript භාවිතා කරලා සරල Calculator එකක් සකස් කර ගන්න අයුරු.
මුලින්ම ඉතින් HTML page එකක appearance එක හදාගන්න. form tag එකක් තුල text box, button දාලා.

ඔබේ Java Application ත් ඒ හා සම්බන්ධ සියලුම ගොනු Installation package (Setup.exe) එකක් ලෙස install කල හැකි බවට පත් කරමු.

ඔයාලා ඕනෑම මෘදුකාංගයක් භාවිත කරන්නේ, ඒක ඔයාලගේ Operating System එකට install කරලනේ. මෘදුකාංගයක් download කලත්, CD/DVD එකකින් ගත්තත් භාවිතයට කලින් install කරලා ඉන්න වෙනවා. ඉතින් අපිත් අපි කරන Java Application එක install කරන්න පුළුවන් විදියට කාට හරි දෙන්න තියේනම් ගතියක් තියේ නේද නිකන්ම . jar file එකක් දෙනවට වඩා. අපි බලමු කොහොමද කියල අපේ Java Project එක, Application එක මේ Setup file එකක්, එහෙමත් නැත්නම් Installation Package එකක් විදියට හදා ගන්නේ කොහොමද කියලා.

ඔබේ Java Application එක Windows Executable (EXE) file එකක් බවට පත් කරමු.

මේ සඳහා අප exe4j කියන මෘදුකාංගය භාවිතයට භාවිතා කරනවා. මෙමගින් පුළුවන් අපට පහසුවෙන්ම .exe file එකක් create කරගන්න. (සැලකිය යුතුයි - තවමත් මෙම මෘදුකාංගය එක සහය දක්වන්නේ Java 1.6 සඳහා පමණි. එමනිසා exe4j මෘදුකාංගය run වීම සඳහා පමණක් Java 1.6 අවශ්‍ය වේ. ඔබගේ Java Application එක, NetBeans Project එක Java 1.7 යටතේ නිර්මාණය කර තිබීම ගැටළුවක් නොවේ. )
මුලින්ම මේ සඳහා කරගන්න ඕන ඔයාලගේ NetBeans Project එක open කරලා Project එක Clean and Build කිරීමයි. මෙන්න මේ icon එක හෝ Shift + F11 මගින් ඔයාලට Project එක Clean and Build දෙන්න පුළුවන්. මෙහෙම කලාම ඔයාලගේ NetBeans Project Folder එකේ dist නමින් folder එකක් create වන අතර ඒ තුල ඔබ යොදාගත් Library file අඩංගු කල lib නම් folder එකක් සහ Project එකේ නමින් නිර්මාණය වූ .jar file එකක් දකින්න ලැබේවි. මෙන්න මේ jar file එක තමා exe file එකක් create කරන්න උවමනා වෙන්නේ.

C# Application එකෙන් Yahoo Mail හරහා Email යවමු.

මේ ගැන බලන්න කලින් මෙන්න මේ POST එක කියවලා බලන්න. ඔක්කොම විස්තරේ තියෙන්නේ ඔතන. C# Application එකෙන් GMail හරහා Email යවන විදිය. ඊට වඩා පොඩ්ඩයි මෙතන වෙනස සිදුවන්නේ.
http://kohomaharigodayamu.blogspot.com/2012/06/c-application-gmail-email.html

C# Application එකෙන් GMail හරහා Email යවමු.

හිතන්න ඔයාලගේ client ට GMail account එකක් තියෙනවා. එයාට Company එකේ software එකෙන්ම එයාගේ Business Partnersලට, Customersලට Company එකේ අලුත් දෙයක් ගැන කියල Email යවන්න උවමනාවක් තියේ කියල. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් හරහා client ගේ අවශ්‍යතාව ඉටු කරලා දෙන්න. මං මෙතනදී ඔයාලට කියල දෙන්නේ එක වරකටඑක් අයෙකුට Email යවන විදියයි.


ඔයාලගේ Java SE Desktop Application එකට Object Dock එකක් දාගමු.






ඔයාලගේ Java Desktop Application එකටත් මෙහෙම දෙයක් හදාගන්න හැටි බලමු. ඇත්තෙන්ම මේ හදලා තියෙන class එක ඔයාලගේ project එකට attach කරගන්න බලන්න. මේක හරිම සංකීර්ණයි. ඒ නිසා ඔයාලට ලේසියෙන් වෙනස් කරන්න පුළුවන්, වෙනස් කරන්න අවශ්‍ය වෙන තැන් ගැන විතරක් පැහැදිලි කරන්නම්.

<< seems no one need this. epa wenawa mehema unama. text removed >>

SQL Server database එකට සිංහලෙන් දත්ත ඇතුලත් කිරීම.

ඕනෑම SQL Server, MySQL software වල database එකට Unicode දත්ත, අකුරු ඇතුලත් කිරීම සඳහා යොදාගන්නේ NVARCHAR කියන data type එකයි. එය සාමාන්‍ය varchar data type එක භාවිතා කරන අයුරින්ම table create කිරීමේදී භාවිතා කල හැක. නමුත් එයට data assign කිරීමේදී පොඩි වෙනසක් සිදුකරන්නට තිබේ. N අකුර මුලට යොදා single quote තුල අවශ්‍ය text එක ලිවීමයි. තවත් විදියක් ....

Java IO File Handling ගැන සරලව

හිතන්න, ඔයාලට ඕන text (.txt) file එකකට යම් යම් දත්ත ඇතුලත් කරන්න, text file එකකින් දත්ත කියවගන්න ඕන වෙනවා කියල. ඒ වගේම තවත් file type data ඔයාලගේ java software එකට ඇතුලත් කරගන්න හෝ වෙනත් data type එකක file එකක් write කරගන්න ඕනා කියල. මේ post එකෙන් කතා කරන්න යන්නේ ඒ ගැනයි.

C# Project එක, SQL Server Database එකක් සමග Connect කරමු.

C# project එකකට ලේසිම ලේසි විදිහකට, SQL Server වල create කරලා තියෙන Database එකකට connect වෙන හැටි තමා මෙතැනින් කියලා දෙන්න යන්නේ. ඒ වගේම Connection එකක් හදාගත්තට පස්සේ එකෙන් data select කර ගන්නත්, data insert, update, delete යන 3ම කරන්නත් ලේසිම විදියක් කියල දෙන්නයි.

Visual Studio 2010 සඳහා SQL Server Management Studio 2008 ස්ථාපනය කරගන්න අයුරු.

C#.NET වලින් Project එක කරන්න ඉන්න අයට, Visual Studio 2010 නම් install කරගෙන ඉන්නේ එකට හරියන්න Database සම්බන්ධව වැඩකරගන්න පුළුවන් SQL Server Management Studio 2008 software එක මගින්. අපි බලමු පියවරෙන් පියවර කොහොමද මේක install කරන්නේ සහ, අවසානයේ SQL Server Management Studio වලට Login වෙන්නේ කොහොමද කියල. මේ software එක install කරන්න කලින්, Visual Studio install කරනකොටම SQL Server Express යන්න install කරලා තියෙනවනම් හොඳයි.

Java SE software, project එකට theme එකක්, Look and Feel එකක් ඇතුලත් කරමු.

ඔයාලගේ NetBeans වලින් කරන Java Project එකේ, software එකේ පෙනුමට ටිකක් හැඩවැඩ දාමු. Theme එකක් දාමු. මේ විදියට හදපු Themes තමා, Synthetica, JTattoo කියලා කියන්නේ. අපි බලමු කොහොමද මේවා අපේ project එකට ඇතුලත් කරගන්නේ කියල.

jLabel එකක Real Time එක display කරමු.

jFrame එකක් තුල, jLabel එකක අපට වෙලාව ලේසියෙන්ම දක්වන්න පුළුවන් Date class එකෙන් current date, current time අරගෙන. නමුත් කාලයත් සමග වෙනස් වෙන ලෙස පෙන්වන්න කිවුවොත් එහෙම ලේසියෙන් ගන්න බෑ. අපට මේ සඳහා තවත් දේවල් කිහිපයක සහය අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම javax.swing package එකේ Timer class එකත්, java.awt package එකේ ActionListener සහ ActionEvent classes. අපි බලමු මේක කරන්නේ කොහොමද කියල.

3. Web Application එකට සරලම Login එකක් හදමු.

මෙතෙක් ඉගෙන ගත්තේ වටපිටාව ගැන මේක ඉගෙන ගන්න ඕන වෙන. දැන් පළමු වතාවට, Web Application එක Run කරමු. අප තාමත් කිසිම වෙනසක් කර නැහැ. Default Project එක හැදුනු තත්වෙන්මයි තියෙන්නේ. Run Main Project button එක හෝ F6 key එක ඔබන්න.

අපේම Google Search Page එකක් හදාගමු - HTML 5.

මේ සඳහා මං ඉතාම සරල විදිහක් තමා යොදාගෙන තියෙන්නේ. මේකේ ඇති අමාරු දෙයක් නෑ. හැබැයි HTML දැනුම ටිකක් ඕන කරනවා. වැඩේට උවමනා කරන්නේ text field එකක්. සහ submit type එකේ button එකක් විතරයි. ලස්සනක් තියෙන්න ඕන නිසා වැඩ ටිකක් දාලා තියේ ඒ ගැන හිතන්න එපා. ඉතින් අපි text field, submit button ගන්නවානම් form එකත් යොදාගන්නවනේ. දන්නා HTML වලින් image එකක් එහෙම දාලා, text field එක, submit එක දාගන්නකෝ. HTML 5 වලින් මං මේ සඳහා යොදා ගන්නේ,

1. Introduction to HTML 5

HTML 5 කියන්නේ කලින් තිබුණු, දැනටත් තියෙන HTML සඳහා වූ අලුත්ම සම්මතයයි. හුගාක් ප්‍රධාන Web Browsers, HTML 5 වල අලුත් අලුත් දේට සහය දක්වනවා. ඒ වගේම මෙතෙක් තිබුණු HTML අඩුපාඩු  හුගක් මෙයින් සපුරලනවා. 
උදාහරණ විදිහට,

2. GlassFish Server එක ඇරඹීම සහ භාවිතය.

මේ GlassFish කියන Server එක තුල තමා අපේ Web Application එක deploy වෙන්නේ. ඒ නිසා අපේ project එක run කරන මුල්ම අවස්ථාවේ (පරිඝනකය තුල NetBeans open සෑම අවස්ථාවකම) server එක start කල යුතු වේ. Project එක run කරන විට server එක ස්වයංක්‍රියව ආරම්භ වනනමුත්, ඒ පිලිබඳ ඉගෙන ගැනීම සඳහා අප ටිකක් කතා කරමු.

1. NetBeans වලින් Java Web Application එකක් හදමු.

" කොහොම හරි ගොඩ යන්නත් එපැයිනේ " Facebook group එකේ Official WebSite එක හදන් යන හැටි තමා, මෙතැන් පටන් "The Making of Official WebSite" කියන ලේබලය හරහා කතා කරගෙන යන්න. J2EE, Java Web Application, jQuery, AJAX, JavaScript පිලිබඳ  හදාරන්න ඕන ආසා අයට, දැනුම එකතු කරගන්න කැමති අයට මේ හා එක් වෙන්න පුළුවන්. 
නිවාඩු කාලේ නිකන් ඉන්න පට්ට කම්මැලි. නිකන් ඉන්න එකේ ජීවිතේටත්, අධ්‍යාපනයටත්, සුදුසුකම් වලටත්, මගේ වටේ ඉන්න යහළු මිත්‍රයන්ටත් වැඩක් ඇති වැඩක් කරන්න හිතුනා. වැඩි සද්ද නැතිව වැඩේට බහින්නම්.
ඔන්න එහෙනම් මුල්ම post එක, NetBeans මෘදුකාංගය භාවිතා කරලා Java Web Application එකක් ආරම්භ කරන හැටි.

Sinhala akuru penne nathnam

Kohoma Hari Goda Yannath Epayine Facebook Group eke ho, Kohoma Hari Goda Yannath Epayine Blog eke,
Sinhala unicode akuru penne nathnam, (specially Windows XP users)
Sinhala unicode wenama install karanna ona wenawa. mama use karanne ISKOOLA POTA 
kiyana sinhala unicode font ekai. eya install karaganna. ho pahatha links walin
Sinhala unicode, Windows XP thula install karaganna.
For Windows XP Service Pack 2
http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe
For Windows XP Service Pack 3
http://www.locallanguages.lk/files/SinhalaTamilKit_XP_SP3.exe

ජාතික හැදුනුම්පත් අංකයෙන් උපන්දිනය හොයන්න Java වැඩසටහනක් ලියමු.

ඔක්කොටම කලින් දැනගමු මේකට තර්කය මොකක්ද කියල. ජාතික හැදුනුම්පතේ පිටට එක පාරම පෙන්න උපන්දිනය සඳහන් වෙලා නෑ. අපිට පොඩි ගණිතකර්ම ටිකක් කරලා, ඕක හොයා ගන්න පුළුවන්. ජාතික හැදුනුම්පත් අංකය ඉලක්කම් 9 කින් සමන්විතයි. අගට V අකුරකුත් ඇතුලත් වෙනවා. මේ ඉලක්කම් 9 න් මුල් ඉලක්කම් 5 විතරයි අපට උවමනා කරන්නේ. මම මේ සඳහා වැඩසටහන්කරණයට යොදා ගන්නේ Java භාෂාවයි. ඒ වගේම IDE එක ලෙස Net Beans යොදා ගන්නවා. 

Team Viewer - Access your computer remotely and share your desktop with friends

Team Viewer මෘදුකාංගය මගින් අපට පුළුවන් තවත් කෙනෙක්ගේ පරිඝනකයක් හරි අපි ඒ ඉස්සරහ ඉන්නවා වගේ පරිශීලනය කරන්න. hack කරන්න නෙවයි. වැදගත් විදියට වැදගත් වැඩක් කරන්නයි. SLIIT එකේ අපි, අපි වෙනුවෙන් අපි.

මෙහිදී අදාළ දෙපාර්ශවයම Team Viewer මෘදුකාංගය ස්ථාපනය කර තිබිය යුතුය. මෙතනින් ඔබට ගැලපෙන, අවශ්‍ය මෘදුකාංගය download කරගන්න.


Team Viewer for Windows, Mac, Linux, Android.
Portable Versions also available.

Torrent, Direct download කරගමු.

Torrent, Direct download කරගන්න torrific.com වගේ site එකක් මෙන්න.

http://zbigz.com/

SLIIT - Probability and Statistics - 2008 - Final Paper Answers

SLIIT - Probability and Statistics - 2008
Final Paper Answers
http://www.mediafire.com/view/?eqnndyyd73wiyty



SLIIT - Software Technology II - Java - 2009, 2010, 2011 Answers

Software Technology II - Java
2009, 2010, 2011 Answers

source is SLIIT mastermind.

http://www.mediafire.com/?zdyc1djr0gxbu5u

SLIIT - Probability and Statistics - 2009 - Final Paper - Answers

SLIIT - Probability and Statistics - 2009 -
Final Paper - Answers

http://www.mediafire.com/?ufc6v3yw34lij87

SLIIT - Probability and Statistics - 2008 - Repeat Paper - Answers

Probability and Statistics (PS) - 2008 - Repeat
Answers

http://www.mediafire.com/?mjvm5rv87f5k5qh

Perl Programming on Windows

Fedora වල ඉදන් Perl programming practice කරන්න කම්මැලිද ?
Windows platform එකේ Fedora Virtual Machine දාගෙන වැඩ කරන්න අමාරුද ?
මෙන්න එහෙමනම් විසදුමක්.
Windows වල ඉදන්ම Perl Programming practice කරන්න.

සැ.යු. UNIX Environment එකේදී අපි පාවිච්චි කරන system calls මෙහිදී වැඩ කරන්නේ නෑ.
eg. pwd, ls, whoami ...

හිතනවා උදවුවක් වෙයි කියල ඔයාලටත්.

System Programming and Design ප්‍රශ්නෝත්තර

UNIX Overview
UNIX Commands
Shell Scripting
System Programming
Perl Programming
CGI Programming
සියල්ල ආවරණය වන පරිදි වූ Tutorial 12 එකතුවක,
ප්‍රශ්න සහ උත්තර ඇතුලත්ය.

මෙතනින් බා ගන්න.
download size 77kb

http://www.mediafire.com/?6erb3i0iumosdb8

ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Finale - Project Dummy

SLIIT - Software Technology - JAVA
Assignment එකට තාමත් අතගහල නැති හෝ,
කරගන්න විදියක් හිතාගන්න බැරුව ඉන්න අයටත්,
හදල හදලා එපා වෙලා ඉන්න අයටත්,
මෙන්න අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න පටන් ගන්න,
Assignment එකට අදාලව complete කරපු Dummy Project එකක්...

ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 8

ඉක්මනින්ම iReport වැඩෙත් ඉවර කරලා දාමු.
iReport වලින් report එකක් design කරලා, parameters සෙට් කරලා,
NetBeans වල ඉදන් ඒ iReport file එකට, load කරන හැටි.


සැ.යු. - Interface Design එක ගැන සලකා නැත. මුලිකම පෙනුම පමණි.
එක් එක් coding කුමක් සඳහාද යන්න තේරුම් ගැනීම ඔබ සතුය.

ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 7

මුලින්ම දීපු table එක වෙනස් කරලා දැන් අළුත් table එකක්නේ තියෙන්නේ.
reserve table එකට isApproved කියල Boolean attribute එකක් එකතු කරලා. ඉතින් අපි බලමු කොහොමද Approve reservation එක කරන්නේ කොහොමද කියලා.

JFrame එකේ Title Bar එකේ Icon එක වෙනස් කරමු.

අපි ගන්න ගන්න හැම JFrame එකකම තියෙන්නේ Java Coffee Cup icon එකනේ. වෙනස් කරන්න property එකක් තිබුනට එක පාර image 1ක් icon එකට සෙට් කරගන්න බෑ. මේ post එක කියවලා බලලා ඔයාලටත් පුළුවන් ඔයාලට ඕනෑ පින්තුරයක් Frame Icon එකට සෙට් කරන්න.
මේ සඳහා මුලින්ම ඔයාලා කැමති image එකක් තෝරාගෙන ඉන්නකෝ. .jpg, .png, .gif image file type මේ සඳහා යොදාගත හැක. .png නම් transparent background තියෙන image භාවිතා කරන්නත් පුළුවන්.
තෝරගත්තු  image එක ඔයාලගේ project folder එක හෝ එහිම වෙනත් folderයක් හෝ package 1ක් තුලට copy කරගන්න. දැන්, ...

දිනයක් ඇතුලත් කරන්න NetBeans වල jCalendar, jDate Chooser භාවිතා කරමු.

සමහර අය Date එකක් ඇතුලත් කරන්න නිකන්ම Text Box යොදාගෙන ඇති. User වැරදි format එකකට data insert කලොත් වරදිනවා. ඉතින් අපි බලමු කොහොමද දිනයක් ඇතුලත් කරගන්න jCalendar සහ jDateChooser භාවිතා කරන්නේ කොහොමද කියලා.

ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 6

අපි බලමු, jComboBox එකකට කොහොමද query එකක් execute කරලා retrieve කරගන්න data add කරගන්නේ කියලා.
මෙතනදී මම මගේ database එකේ තියෙන vehicle table එකේ සියල්ල ResultSet එකකට ගන්නවා.
ඊ ලගට ඒ ResultSet 1 end එක වෙනකන් කියවද්දී අදාළ column එකක data, jComboBox එකේ Item එකක් විදියට add කරගන්න කියනවා. මෙහි rst.getString(1) තුල සඳහන් වන්නේ column index එකයි.
try {
            ResultSet rst = DB_Access.getData("select * from vehicle");
           
            while(rst.next()){
                jComboBox1.addItem(rst.getString(1));
            }


 } catch (SQLException ex) {
           JOptionPane.showMessageDialog(this, "SQL Error");

 } catch (ClassNotFoundException ex) {
           JOptionPane.showMessageDialog(this, "DB Connection Error");

}

ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 5

ඉක්මනින්ම Approved, Rejected Reservations display කරන form එකක් සහ Reservation details Database එකෙන් Data Delete කරන Form එකක් (Travel Guide Vehicle Reservation වලම) නිර්මාණය කරගන්න හැටි බලමු.

සැ.යු. - Interface Design එක ගැන සලකා නැත. මුලිකම පෙනුම පමණි.
එක් එක් coding කුමක් සඳහාද යන්න තේරුම් ගැනීම ඔබ සතුය.

ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 4

ඉක්මනින්ම Database එකට Data Insert කිරීම හා Data Update කිරීම සඳහා Form එකක් (Vehicle Insert, Update සඳහා) නිර්මාණය කරගන්න හැටි බලමු.

සැ.යු. - Interface Design එක ගැන සලකා නැත. මුලිකම පෙනුම පමණි.
එක් එක් coding කුමක් සඳහාද යන්න තේරුම් ගැනීම ඔබ සතුය.


ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 3

ඉක්මනින්ම Database එකට Data Insert කරන Form එකක් (Vehicle Reservation සඳහා) නිර්මාණය කරගන්න හැටි බලමු.

සැ.යු. - Interface Design එක ගැන සලකා නැත. මුලිකම පෙනුම පමණි.
එක් එක් coding කුමක් සඳහාද යන්න තේරුම් ගැනීම ඔබ සතුය.

ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 2

ඉක්මනින්ම Home, Main Form එකක් නිර්මාණය කරගෙන, mySQL Database එකත් එක්ක Connection එක establish කරලා, Query එකක් execute කරලා ලැබෙන ResultSet එක JTable එකකට ඇතුලත් කරන විදිය, එකට උවමනා කරන coded Main Frame එකක් හදා ගමු.

සැ.යු. - Interface Design එක ගැන සලකා නැත. මුලිකම පෙනුම පමණි.
එක් එක් coding කුමක් සඳහාද යන්න තේරුම් ගැනීම ඔබ සතුය.


ඉක්මණින්ම ST II Assignment ගොඩ දාගන්නත් එපැයිනේ - Part 1

ඉක්මනින්ම Login Form එකක් නිර්මාණය කරගෙන, mySQL Database එකත් එක්ක connect වෙන්න ඕනෑ කරන Class file හදලා, Connection එක establish කරලා, System එකට උවමනා කරන නියම coded Login එකක් හදා ගමු. 


සැ.යු. - Interface Design එක ගැන සලකා නැත. මුලිකම පෙනුම පමණි.
එක් එක් coding කුමක් සඳහාද යන්න තේරුම් ගැනීම ඔබ සතුය.


ඉතා සරලව සිංහල යුනිකෝඩ් වලින්, සිංහල type කරමු.

ඕගොල්ලෝ  මේ කියවන blog එකේ පවා සිංහල අකුරු සටහන් වෙලා තියෙන්නේ සිංහල යුනිකෝඩ් වලිනි. මං හිතනවා, යුනිකෝඩ් කියන්නේ මොකක්ද කියන දේ මේක කියවන ඔයාලා දන්නවා ඇති කියලා. (යුනිකෝඩ් කියන්නේ ලෝකේ තියෙන ලියන භාෂා සඳහා, ඒ ඒ භාෂාවේ ඒ ඒ අකුර වෙනුවෙන්, අනන්‍ය කේතයක් ලබාදී ඇති, ඕනෑම මෙහෙයුම් පද්ධතියක, භාෂාව මොකක් උනත් භාවිතා කරන්න පුළුවන් අක්ෂර කේතකරණයකි.)
අපි බලමු කොහොමද ඉක්මණින් සහ සරල යුනිකෝඩ් සිංහල type කර ගන්නේ කොහොමද කියලා.

MySQL command line හි display වන සියල්ල text file save එකකට ගමු.

MySQL command line client එකේ type කරන දේවලුත්, output එක විදියට ලැබෙන දේවලුත්, කොටින්ම mySQL command line client මත type කරන්නේ මොකක්ද, display වෙන්නේ මොකක්ද, ඒවා ඒ ආකාරයෙන්ම record කරමුද?
හැබැයි video recoding එකක් නම් නොවෙයි මෙදා පොටේ. text file එකකටයි.
MySQL open කරලා, password එක දීලා login උනාට පස්සේ,
tee කියන command එක භාවිතා කරමු.

tee <file එක save වියයුතු තැන + file නම.txt>
උදාහරණ :-
tee D:\hansa.txt

මෙලෙස type කර අවසානයේ enter ඔබන්න. ඔබ MySQL තුලින් ඉවත් වන තුරුම එය, දෙනලද textfile එකට text ආකාරයෙන් save වේ.

Net Beans IDE සමග වැඩ කරමු 4 - Search Function එකක් කරන්න ඉගෙනගමු

MySQL එක්ක connect කරලා තියෙන අපේ project එකකට, Search Function එකක් දාගන්න හැටි ඉගෙනගමු. කරමු.
search කරන්න ඕනෑ data pass කරලා, jTable එකකට අදාළ දත්ත ඇතුලත් කිරීම, mySQL code එක ලියන අයුරු, try-catch, Exception handling, JOptionPane ආදිය.
video ව මෙතැනින් බා ගන්න.

Compressed download file size - 18 MB
After Extraction file size - 1980 MB

http://www.mediafire.com/?9t11mqd1jmjevxg

Net Beans IDE සමග වැඩ කරමු 3 - වඩා සංකීර්ණ සාර්ථක Login form එකක් සාදා ගන්නා ආකාරය.

වඩා සංකීර්ණ සාර්ථක Login JFrame form එකක් සාදා ගන්නා ආකාරය.
JOptionPanes ...
Radio Buttons ...
JFrame form අතර data parse කිරීම ...
default constructor එක වෙනුවට අපේම constructor එකක් හද ගැනීම ...
screen 1 මැදට jFrame form adjust කිරීම ආදිය.
video ව මෙතැනින් බා ගන්න.

Compressed download file size - 11.59 MB
After Extraction file size - 1504 MB

video ව මෙතැනින් බා ගන්න.
http://www.mediafire.com/?z8cb38as0k412ar

NetBeans IDE සමග වැඩ කරමු 2 - connect with mysql and retrieve data

MySQL Database එකත් එක්ක NetBeans Project එක,
connect කරන විදිය,
database එක access කර data ලබා ගන්නා ආකාරය,
Login window එකෙන්, database එකේ saved user name, password check කරලා සාර්ථක නම්, Home(Main) window එක load කරන අයුරු.
Java Class files භාවිතය,
පැහැදිලි කිරීම් සමග.
video ව මෙතැනින් බා ගන්න.

File Size : 12.9 MB
After Extract : 1957.2 MB

http://www.mediafire.com/?hzeczqg11cade12

NetBeans IDE සමග වැඩ කරමු 1 - JFrame Forms

JFrame Forms භාවිතයෙන් GUI Application එකක් ගොඩ නගන්න උවමනා කරන මූලිකව දැන ගතයුතු දෑ අඩංගු video එකක්. මේ දේවල්ම තමා ආයේ ආයෙමත් JFrame Form අරන්, Software එක තව තවත් වැඩිදියුණු කරන් යද්දී එන්නේ.
Login Form එකක්, Main Form එකක් හදන හැටි,
Form එකකින් තවත් Form එකක් load කරන හැටි,
පැහැදිලි කිරීම් එක්ක. මෙතැනින් බා ගන්න.
File Size : 20 MB
After Extract : 1714 MB
http://www.mediafire.com/?alyrytu3y6cybu3

mySQL server configure කරන හැටි

mySQL server use කරන්න කලින් configuration settings වගයක් හදන්න තියේ.
mySQL bin directory එක  Windows PATH එකට ඇතුලත් කිරීම,
Security Settings ඇතුලත් කිරීම ආදියයි.
අපි දැන් බලමු මේවා කරන්නේ කොහොමද කියලා.

mySQL වල database එකක් backup ගැනීම සහ restore කිරීම.

හුඟාක් අය project, assignment කරන්න ගත්තම සිහිය නෑ. කලබලේට වැඩ. ඉතින් මේ විදියට කට්ටිය mysql වල වැඩ කරද්දී query ඔක්කොම mysql screen එකේ type කරන් යනවා. පසු ප්‍රයෝජනයට ගන්න ඒ type කරන data වල copy 1ක් වත් නැහැ.
ඒක හින්දා අපි බලමු mysql තුල store කර  ඇති database එකක backup එකක් ගන්නේ කොහොමද කියලා සහ ඒ backup එක වෙනත් තැනකදී restore කරගන්නේ කොහොමද කියලා.


VMware තුල Fedora (Hanthana) ස්ථාපනය කරන හැටි.

SLIIT එකේ 1st Years ලා, 2nd Years ලා, 4th Years ලා ට උනත් හුඟාක් වෙලාවට භාවිතා කරන දෙයක් තමයි VMware Workstation කියන්නේ. 1st Yearsලට Introduction to Programming Environment (IPE) වලටත්, 2nd Yearsලට System Programming and Designing (SPD) වලටත් Fedora Operating System එක් use කරන්න ඕනෑ කරන හින්දා හරි හරියට මේකෙන් වැඩ. එත් හුඟාක් අය දන්නේ නෑ මේ software 1 තුලින් Fedora install කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ අයට දැනුවත් වෙන්නත්, තනියෙන් වැඩක් කරගන්න බය නැතිව, මේ ලේසි දේට අත ගහන්න හැකි කරවන එකත් අරමුණින් තමා මේ post එක දාන්නේ.
අපේ studies වලට අතවශ්‍ය හැමදේමත් (1st Year, 2nd Year), Windows වගේ පහසුවෙන් භාවිතා කරන්න හදලා දීලා තියෙන ලංකාවේ අපේ කොල්ලන්ගේ වැඩක්. ගන්න අපේ දේ.
 





 
හන්තාන ලිනක්ස්. (Hanthana Linux) - Fedora වලම සංස්කරණයකි. මං ඔයාලට කියන්න යන්නේ මේක කොහොමද අපේ VMware තුල පිහිටුවන්නේ කියලා.

Windows 7, Pen එකෙන් install කරමු.

Windows 7 Setup එක Pen Drive එකකට දාගෙන install කරන එක, DVD එකකින් install කරනවට වඩා ගොඩාක් ඉක්මන්.  ඒ වගේම mini-laptop එකකට උනත් Windows Operating System එක DVD එකක් හරහා දාන්න බෑ. Pen Drive එකක් මගින් ඕන කරන්න. ඉතින් ඕකට Windows 7 DVD, Pen Drive එකකට දාගන්න එක එක softwares, tools එහෙමත් තියේ. නමුත් ඔගොලන්න්ට හැමවෙලාවෙම ඒ software එකෙන් Pen Drive එකට copy කරගන්න බැරි වෙන්න ඇති. ඒ ඒ DVD එක අනුව වෙනස් වෙනවා. ඔන්න ඉතින් ඕකට විසදුමක්. වැඩේ අමාරු නෑ.

මේකට ඕන කරනවා, Windows 7 DVD එකක් හෝ Windows 7 Disk Image එකක්. Disk Image එකක් use කරනවානම් WinRAR හෝ එවැනි .iso file extract කරන්න පුළුවන් software එකක්.

Lab එකේ කරන කෙරුම්, Screen Video Record එකක් කරමු.

හුඟාක් වෙලාවට අපට Lab එකේ කරන දේවල්, කොහොමද කලේ කියලා පහු පහු වෙද්දී අමතක වෙනවා. Exam එකක්, Online Exam එකක්, Spot Test එකක් තියන්න යද්දී තමයි දෙලොව රත්වෙන්නේ.
ඉතින් Lab එකේ කරන දේවල් ඒ වෙලාවේම note කරගත්තොත් හොඳයි නේද? ඒ වගේම video එකක් වගේ ඒ වෙලාවේම record කරගන්න පුලුවන්නම් ෆට්ටයි නේද. ඔන්න ඕකට මං ඔගොලන්ට විසදුමක් ගෙනාවා. ඒ මෙන්න මේ portable software එක. CamStudio Portable.