ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

How to install Oracle 11g R2 on Windows 8.1, 8, 7 SP1

අපි බලමු Oracle 11g R2 කොහොමද Windows වලදි Install කරන්නේ කියලා. මේ ලිපිය ලියන අවස්ථාව වෙනකොට Oracle Database වල නවතම සංස්කරණය වන Oracle 12c නිකුත් වෙලා තියෙනවා.  
Oracle Database 11g R2 Preinstallation Requirements
මීට අමතරව Windows 8.1 සඳහාද සහය දක්වයි. (Tested)
මුලින්ම බලමු Oracle11g R2 download කරගන්න. මේ පහත දැක්වෙන links click කරලා ඔයාලට පුළුවන් download කරගන්න. සමහරවිට Oracle හි account එකක් තිබීම අවශ්‍ය වේවි. එසේ අවශ්‍ය වුනොත් Free Register වෙන්න පුළුවන්. zip file 2ක් තියෙනවා. දෙකම download කරගැනීම අවශ්‍යයි. ඔබගේ Windows සංස්කරණයට ගැලපෙන පරිදි පමණක් download කරන්න.

Windows 64 bit සඳහා, පිලිවෙලින් 1.12GB සහ 961MB වේ.
http://www.oracle.com/technetwork/database/enterprise-edition/downloads/112010-win64soft-094461.html

Windows 32 bit සඳහා,
http://www.oracle.com/technetwork/database/enterprise-edition/downloads/112010-win32soft-098987.html

හරි. download වෙලා ඉවර උනාම, මේ zip file දෙකම එකම folder එකකට extract කරගන්න. වඩා හොඳයි WinRAR වල නම් "Extract Here" option එක select කරනවා නම් zip file දෙකටම. එතකොට "database" නම් folder එකකට සියලුම files extract වේ. 

Oracle 11g R2 install කරන්න මම යොදා ගන්නේ Windows 8.1. හොඳට වැඩ. Compatibility Settings හදන්න දෙයක් නැහැ. Windows 8 වලත් වැඩ.
දැන් "database" folder එක ඇතුලට ගිහින් setup.exe file එක open කරන්න. ඔතන ඉදන් කරන්න ඕනා වැඩ ගැන මම video එකක් කළා. මේ Video එක බලන්න. ඒ විදියට කරන්න.

download size - 7.12MBafter extraction - 271MB
file format - AVIvideo duration - 06min 47s

http://www.mediafire.com/download/4ga2x11xked14v6/Install_Oracle_11g_R2_on_Windows_8.1.rar

Setup එක අවසානයට කිට්ටුවෙන් ඔයාලට හමුවේවි "Database Configuration Assistant" කියල window එකක්. එකේ තියෙනවා Password Management ... කියල button එකක්. ඒක ඔබල, එන window එකෙන් ඔයාට අවශ්‍ය database access accounts unlock කරගන්න අමතක කරන්න එපා. එහෙම නොවුනොත් කරදර වේවි. මම unlock කරගත්තේ "scott" කියන account එක.unlock කරන්න, කරන්න ඕන දේ තමා scott නම ඉස්සරහින් තියෙන tick එක අයින් කරන එක.  



අන්තිමට ඔයාලගේ Start Menu එකට ගිහින්, sqlplus ලෙස search කරන්න. sqlplus program එක run කරන්න.
user name - scott
password - tiger
ලෙස ලබා දෙන්න. දැන් ඔබෙන් scott account එකේ password එක වෙනස් කරන්න අහවි. ඔබ කැමති password එකක් type කර enter දෙන්න.

එහෙනම් ඉතින් ඔච්චරයි. Enjoy with Oracle.

Windows 7 භාවිතා කරන යාලුවන්ටත් මේ විදියටම කරන්න පුළුවන්. ඒ කොහොම උනත්, සැක බය නැති වෙන මම ඒකටත් video එකක් කළා ඔන්න. ඒ video එක මෙතනින් බා ගන්න.
download size - 1.81MBafter extraction - 107MB
file format - AVIvideo duration - 06min 52s

http://www.mediafire.com/download/zxlt2eksbhztppw/Install_Oracle_Database_11g_R2_on_Windows_7_SP1.rar
(මේ file එක extract කරන්න WinRAR v5 beta 1 or later උවමනා කරනවා.)

No comments :

Post a Comment