ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

Lab එකේ කරන කෙරුම්, Screen Video Record එකක් කරමු.

හුඟාක් වෙලාවට අපට Lab එකේ කරන දේවල්, කොහොමද කලේ කියලා පහු පහු වෙද්දී අමතක වෙනවා. Exam එකක්, Online Exam එකක්, Spot Test එකක් තියන්න යද්දී තමයි දෙලොව රත්වෙන්නේ.
ඉතින් Lab එකේ කරන දේවල් ඒ වෙලාවේම note කරගත්තොත් හොඳයි නේද? ඒ වගේම video එකක් වගේ ඒ වෙලාවේම record කරගන්න පුලුවන්නම් ෆට්ටයි නේද. ඔන්න ඕකට මං ඔගොලන්ට විසදුමක් ගෙනාවා. ඒ මෙන්න මේ portable software එක. CamStudio Portable.
 
Setup File Size - 1.37 MB
Installation Size - 8.67 MB

Administrator Access අනවශ්‍යයි.
Pen Drive එකකට පහසුවෙන් copy කරගෙන ඕනෑම Windows පරිසරයක භාවිතා කරන්න පුළුවන්.
එක වරක් Pen Drive එකට install කරගෙන ඕනෑ කරන settings හැදුවම, නැවත නැවත settings හදන්න, install කරන්න උවමනා වෙන්නේ නෑ.

.avi file type එකටයි record කරන file save වෙන්නේ.
පැහැදිලි video එකක් වන අතර, WinRAR best compression method එක යොදා 1% ක් දක්වා file size එක අඩු කර compress කරගත හැක. (100MB file එකක් 1MB දක්වා). video quality වෙනසක් සිදු නොවේ. ඒ නිසා record කිරීමකින් පසුව, video file එක compress කර ගැනීමෙන් Pen Drive එකේ ඉඩ ඉතිරි කර ගැනීමට ඔබට පුළුවන.අරං අත්හදා බලන්න. මෙතනින් බා ගන්න.


http://www.mediafire.com/?q3lwuyc7aipy23f

By default, temporary file save වන්නේ Windows Temporary Directory තුලය. Temporary Recording File ඔබගේ Pen Drive එක තුල create වන්නට සලස්වන්න. ඒ සඳහා,
Options --> Program Options --> Temporary Directory for recording --> Use Installed Directory
තෝරන්න.



හරි. දැන් අපි බලමු, Screen එකේ අපට ඕනෑ කරන කොටසක් විතරක් record කරන්න set කරන හැටි.

එකට Region --> Fixed Region... යන්න තෝරන්න.


දැන් මෙන්න මෙහෙම වින්ඩෝවක් ලැබේවි.
එකෙන් Select කියන button එක තෝරන්න. එතකොට ඔයාලගේ mouse pointer එක වෙනස් වෙලා, screen එකේ කොටසක් select කරගන්න පටන් ගන්න ඕනෑ තැන click කරලා mouse එක drag කරගෙන එන්න. mouse එක release කරන තැන දක්වා select කරගන්න කොටස පමණක් video එකක් විදියට record කරගන්න පුළුවන්.
මෙන්න මෙහෙම. මෙතනින් පස්සේ කරන්න තියෙන දේවල් ටික ඉතාම සරලයි. video recording පටන් ගන්න, Record Button එක click කරන්න. Pause කරලා තියන්න Pause Button එක ඔබන්න. Screen Video Record කරලා ඉවර නම්, file එක save කරගන්න Stop Button එක ඔබන්න. එතකොට ඒ file එක save කරන්න ඕනෑ කොහෙටද කියල අහලා වින්ඩෝවක් ඒවි. ඕනෑ තැනකට Save කරගන්න.

තවත් ලිපියකින් හමුවෙමු. ජය වේවා !


11 comments :

  1. !!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  2. It's a very important software. Thanx bro....

    Tharindu

    ReplyDelete
  3. godak watina software ekak... thankzz hanzzz
    (MS)

    ReplyDelete
  4. මම මේක හොය හොයා හිටියේ.. ගොඩාක් ස්තුතියි....

    ReplyDelete
  5. මම මේක හොය හොයා හිටියේ.. ගොඩාක් ස්තුතියි....

    ReplyDelete
  6. Meka sehenna recourses use karanawa neda? Meka lab ekedi use karala tiyenawada? mchine eka stuck wenne nadda?

    ReplyDelete
    Replies
    1. ඔව්. use කරලා තියේ. ටිකක් capacity වැඩි Pen Drive එකක් use කරන්න. Record වෙන video එකේ File Size, limit කරගන්න, Settings --> Video Options ගිහින් quality settings හදාගන්න. අඩු කරගන්න.

      Delete
    2. Thanks for the reply mchn. Wish you good luck :D

      Delete
  7. ගොඩාක් ස්තුතියි...

    ReplyDelete
  8. ගොඩාක් ස්තුතියි...

    ReplyDelete