ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

Windows 7, Pen එකෙන් install කරමු.

Windows 7 Setup එක Pen Drive එකකට දාගෙන install කරන එක, DVD එකකින් install කරනවට වඩා ගොඩාක් ඉක්මන්.  ඒ වගේම mini-laptop එකකට උනත් Windows Operating System එක DVD එකක් හරහා දාන්න බෑ. Pen Drive එකක් මගින් ඕන කරන්න. ඉතින් ඕකට Windows 7 DVD, Pen Drive එකකට දාගන්න එක එක softwares, tools එහෙමත් තියේ. නමුත් ඔගොලන්න්ට හැමවෙලාවෙම ඒ software එකෙන් Pen Drive එකට copy කරගන්න බැරි වෙන්න ඇති. ඒ ඒ DVD එක අනුව වෙනස් වෙනවා. ඔන්න ඉතින් ඕකට විසදුමක්. වැඩේ අමාරු නෑ.

මේකට ඕන කරනවා, Windows 7 DVD එකක් හෝ Windows 7 Disk Image එකක්. Disk Image එකක් use කරනවානම් WinRAR හෝ එවැනි .iso file extract කරන්න පුළුවන් software එකක්.


Figure 1

















Start Button එක click කරලා, Search programs and files කියන තැන diskpart කියලා type කරන්නකෝ. දැන් search වෙලා එන file එක උඩ right click කරලා, Run as administrator click කරන්න.
එතකොට සමහරවිට User Account Control වින්ඩෝව ලැබේවි. Yes දෙන්න.
Command Prompt එක වගේ වින්ඩෝවක් ලැබේවි මෙන්න මෙහෙම.

Figure 2












list disk කියන විදානයෙන් අපට පුළුවන්, අපේ computer එකට connect කරලා තියෙන storage devices list එකක් ගන්න.

figure 3












  figure 3 වලට අනුව, මගේ Pen Drive එක පෙන්වන්නේ Disk 2 14GB හැටියට. ඔගොලන්ගේ Pen Drive එකත් මෙතනින් හොයාගන්න ඕන. මොකද මේ අංකය වැදගත්. මේ වැඩේට 4GB Pen Drive එකක්වත් ඕනා.
දැන් select disk 2 කියන විදානය මගින් අපිට අපේ Pen Drive එක තෝරාගත හැක. ඕගොල්ලෝ මේක කරන වෙලාවට ඔගොලන්ගේ ඒ Disk Number 1 දෙන්න හොදද. වැඩේ හරිනම්,
Disk 2 is now the selected disk කියල වැටේවි.
දැන් clean කියන විදානය දෙන්න. මේකෙන් කරන්නේ, partition කඩලා තියෙනවනම් ඒවත්, හැංගුනු sectors තියේනම් ඒවත් ඉවත් කරලා දාන එක. එකෙත් වැඩේ හරිනම්,
DiskPart succeeded in cleaning the disk කියල වැටේවි.

figure 4












දැන් create partition primary  කියන විදානය දීලා, default තත්වේ primary partition 1k හදා ගන්න ඕන. වැඩේ හරිනම් DiskPart succeeded in creating the specified partition කියල වැටේවි.

figure 5


දැන් ඒ හදාගත්තු partition එක තෝරා ගන්න ඕන. එකට, select partition 1 කියලා විදාන කරන්න. Partition 1 is now the selected partition කියල වැටේවි.
ඒක වලංගු, පවතින partition එකක් බවට පත් කරන්න, active කියල විදාන කරන්න.
DiskPart marked the current partition as active ලෙස පෙන්නාවි.
දැන් මේ partition එක format කරන්න ඕන.

format fs=ntfs quick කියලා විදාන කලාම quick ntfs format එකක් සිදු කරාවි.
format fs=ntfs  කියලා විදාන කලාම full ntfs format එකක් සිදු කරාවි.

Pen Drive එකේ ඉඩ ප්‍රමාණය අනුව මේකට ගතවන කාලය රඳා පවතීවි.

figure 6











figure 7












අවසානයේ assign කියල විදාන කරන්න. මෙමගින් Drive එකට අලුත් අකුරක් ලබාදේ. එමෙන්ම Memory එකේ අලුත් Volume එක ලබාදේ. එවිට මෙන්න මෙහෙම පහල දැක්වෙන පරිදි,
DiskPart successfully assigned the drive letter or mount point ලෙස සහ,
අලුත් drive එකක් mount උනා වගේ පෙන්නාවි.

figure 8


exit ලෙස විදාන කර හෝ, diskpart වින්ඩෝව close කර ඉවත්වන්න.

දැන් ඔයගොල්ලෝ ගාව තියෙන, Windows 7 DVD එකේ සියලුම files Pen Drive එකට copy කරන්න.
එහෙම නැත්නම් Windows 7 DVD එකේ .iso disk image file1k නම් තියෙන්නේ, එකේ files pen drive එකට extract කරන්න.










වැඩ ටික කෙටියන්ම කියුවොත්,
1. Start Menu -->  type diskpart
2. Run as Administrator
3. list disk
4. select disk # ( # කියන්නේ ඔයාලගේ පෙන් drive එකට අදාළ disk number එක)
5. clean
6. create partition primary
7. select partition 1
8. active
9. format fs=ntfs quick  හෝ format fs=ntfs
10. assign
11. exit
11. DVD එකේ file, pen එකට copy කරගන්න. හෝ image file 1, pen drive එකට extract කරන්න.

අන්තිමට Windows 7 දාන්න ඉන්න computer එක on කරන්න කලින් පෙන් 1 connect කරලා, BIOS වලට ගිහින්, First Boot Device එක විදියට ඔයාලගේ පෙන් drive එක තෝරලා දෙන්න. Save කරලා, දැන් බලන්න පෙන් drive එකෙන් boot වෙන හැටි.

No comments :

Post a Comment