ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

VMware වල ඕන කරන packages එක්කම Fedora install කරමු.

මුලින්ම කියන්න ඕන මේ කරන විදිහට,  OS දෙකක් dual boot දාන්න හිතාගෙන Computer එකේ partition වලට directly install කරන්න යන්න එපා. ඒක කරන්න වෙනම විදියක් තියේ.
අලුත් VMware සංස්කරණවල Easy Install නම් feature එක තුලින් User ට පහසුවෙන්, අඩු පියවර ගණනකින් Operating System එකක්, ඒ තුල Install කිරීමේ හැකියාව ලබාදී තිබේ. නමුත් ඔබට ගැටළුවක් වෙලා තියෙන්න ඇති, කොහොමද අපිට උවමනා කරන Software, Packages එක්ක Customized Installation එකක් කරගන්නේ කියල.
 SLIIT එකේ අයටනම්, g++ compiler, gcc compiler, javac, NCursors install කරගන්න බැරුව, වැඩ නැහැ වැඩ නැහැ කියල Fedora දාගන්න කොච්චර කට්ට කන්න ඇත්ද.
ඉතින් මෙන්න මෙහෙමයි Fedora 14, Virtual Machine එකක් විදියට VMware තුල, උවමනා කරන packages එක්කම, VMware Easy Install Feature එක නැතුව install කරන්නේ. Easy Install feature එක කෙනෙකුට පහසුවක් උනත්, තවත් කෙනෙකුට ඒක අනවශ්‍ය වෙන්න පුළුවන්. මොකද මේ Easy Install feature එකත් සමග install කරද්දී පියවර සෑහෙන්න ප්‍රමාණයක් අඩු වෙනවා. ඒ නිසා installation එක customized කරන්න, අපි Easy Install ඉවත් කරනවා. මේකේ ඇති අමාරුවක් නැහැ. එත් තියෙන කම්මැලිකම හෝ උවමනා නැතිකම හෝ නොතේරුම්කම නිසාම මේක මහා කජ්ජක් කියල හිතන්නේ.

එහෙනම් මෙන්න මේ Video එක බලලවත් ඉගෙන ගන්නකො.Video එකේ කරන විදිය follow කරන්න.



No comments :

Post a Comment