ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

Windows Experience Index එක Customize කරමුද ?

එහෙනම් යාලුවනේ කාලෙකට පස්සේ ඔන්න මං ආයෙමත් වැඩ පටන් ගන්නවා. හුඟ කාලෙකින් බ්ලොග් එකේ මුකුත් post කරන්න බැරි උනා. 
කට්ටියටම ලණුවක් දීලා තමා මේ වැඩේ පටන් ගත්තේ. ඒ ගැන පොඩ්ඩක් සමාවෙන්න ඕන. මේකට හුඟක් කට්ටිය රැවටුණා. මට මොන Alien-ware ද. Photoshop, Computer ජිල්මාට් වැඩ තමා.

ඉතින් අපි බලමු කොහොමද මේ ජිල්මාට් එක කරන්නේ කියලා.

මේ ගැන කරපු සරල Video එකක් මෙතනින් බා ගන්න. 
මුලින්ම ඔයාලා එක පාරක් හරි Windows Experience Indexer Assignment එක Run කරලා ඉන්න ඕනෑ. කරලා තිබුනත්, නැතත් මෙන්න මේ දේ කරන්න. එක වඩා පහසුවක් වේවි.
1. C:\Windows\Performance\WinSAT\DataStore  මේ folder එකට යන්න.

2. දැන් ඒක ඇතුලේ තියෙන files ඔක්කොම delete කරලා දාන්න.

3. ඊට පස්සේ Computer Properties යන්න. ඔයාලට පෙන්නාවි "System rating is not available" කියල. ඒක උඩ Click කරලා එන Window එකේ "Rate this computer" button එක click කරන්න. මේකට ටික වෙලාවක් යාවි. ඉවර උනාම ඔයාලට පෙන්වන්නේ Windows Experience Index ඇත්තම values.

4. දැන් ආයෙමත් අර Folder එක ඇතුලට යන්න. C:\Windows\Performance\WinSAT\DataStore

5. මෙන්න මේ නමින් තියෙන XML file එක වෙන තැනකට copy කරගන්න. Original location එකේ ඉදන් edit කරලා, file එක save කරන්න බැරි නිසයි එහෙම කරන්නේ.
Formal.Assessment (Initial).WinSAT.xml
මේ නමට කලින් ඔයා අන්තිමට මේ assessment එක කරපු දිනය සහ වේලාවත් සඳහන් වෙනවා. මගේ නම් තියෙන්නේ මේ විදියට. 
2013-05-02 18.48.02.235 Formal.Assessment (Initial).WinSAT.xml

6. දැන් ඒ අලුත් copied file එක Open කරන්න. HTML or XML දන්නා අයට මේ වැඩේ ලේසි. මෙන්න මේ tags හොයාගන්න. ඔක්කොම තියෙන්නේ එක ළඟ. CTRL+F ඔබලා Find එකක් දුන්නත් හොයාගන්න පුළුවන් මුල්ම tag එක.
<SystemScore>, <MemoryScore>, <CpuScore>, <CPUSubAggScore>, <VideoEncodeScore>, <GraphicsScore>, <Dx9SubScore>, <Dx10SubScore>, <GamingScore>

7. HTML සහ XML වලදී Open Tag හා Close Tag අතර ලියන දේවල් තමා අගයන් වෙන්නේ. ඒ නිසා ඉහත කී tag වල, Open, Close tag අතර තියෙන අගයන් ඔයාලට කැමති විදිහකට වෙනස් කරගන්න.
උදාහරණයක් :
<SystemScore>8.7</SystemScore>
<MemoryScore>7.9</MemoryScore>
<CpuScore>8.2</CpuScore>
<CPUSubAggScore>7.2</CPUSubAggScore>
<VideoEncodeScore>6.2</VideoEncodeScore>
<GraphicsScore>8.2</GraphicsScore>
<Dx9SubScore>3.2</Dx9SubScore>
<Dx10SubScore>9.2</Dx10SubScore>
<GamingScore>6.2</GamingScore> 

8. දැන් ඒ file එක save කරන්න. CTRL+S

9. දැන් save කරගත්තු file එක නැවතත් copy කරගන්න. කලින් කියපු folder එකට යන්න. ( C:\Windows\Performance\WinSAT\DataStore )
ඒ folder එකේ දැනට තියෙන Formal.Assessment (Initial).WinSAT.xml එක delete කරලා, අලුතින්edit කරගෙන ආපු file එක එතැනට Paste කරන්න. (File Overwrite මට වැඩ කලේ නැහැ. ඒකයි එහෙම කියන්නේ)

10. වැඩේ හරි. දැන් ඉතින් ආයෙම Computer Properties ගිහින් Windows Experience Index එක බලන්නකෝ. ඒක click කලාම එන Window එකේ ඔයා දාපු values පේන්න තියේවි. දැන් ඉතින් ඕක නොදන්නා යාළුවන්ට පෙන්නලා Fun 1ක් ගන්න.

මේ ගැන කරපු සරල Video එකක් මෙතනින් බා ගන්න. 

No comments :

Post a Comment