ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

mySQL වල database එකක් backup ගැනීම සහ restore කිරීම.

හුඟාක් අය project, assignment කරන්න ගත්තම සිහිය නෑ. කලබලේට වැඩ. ඉතින් මේ විදියට කට්ටිය mysql වල වැඩ කරද්දී query ඔක්කොම mysql screen එකේ type කරන් යනවා. පසු ප්‍රයෝජනයට ගන්න ඒ type කරන data වල copy 1ක් වත් නැහැ.
ඒක හින්දා අපි බලමු mysql තුල store කර  ඇති database එකක backup එකක් ගන්නේ කොහොමද කියලා සහ ඒ backup එක වෙනත් තැනකදී restore කරගන්නේ කොහොමද කියලා.



මේ වැඩේ mysql වලින් නෙවෙයි කරන්නේ. command prompt එකෙන්. backup කරන්න ඕනෑ database name එක vehiclereservationsystem කියලා හිතමුකෝ.
database එකේ name එකවත් දන්නේ නැති හෝ sure නැති අයට mysql වලදී,
show databases;
command එක මගින් දැනට පවතින databases වල නම් බලා ගන්න පුළුවන්.
දැන් command prompt එකට යන්න. එකේ type කරන්න ඕනෑ command syntax එක මේ විදියයි. command prompt එකෙන් ඔයාට backup එක save වෙන්න ඕනෑ location 1ට  ගිහින් ඉන්න.

mysqldump - u [mysql user name] -p [mysql login password] [database name] > [<target file name>.sql]

උදාහරණයක් විදියට,
    C:\Users\HansA AmarasekarA>
    C:\Users\HansA AmarasekarA>cd desktop
    C:\Users\HansA AmarasekarA\Desktop>
    C:\Users\HansA AmarasekarA\Desktop>mysqldump -u root -p toor vehiclereservationsystem > DB_Backup.sql
    වැඩේ හරිනම් හිටපු තැනටම ආයෙත් command prompt එක ඒවි. ඒ වගේම අදාළ location එකේ .sql type file එකක් create වෙලා ඇති.
    වැරදිනම් errors පෙන්නාවි.
    C:\Users\HansA AmarasekarA\Desktop>
   
mysql සඳහා password දාලා නැති අය මෙහෙමයි කරන්න ඕනෑ.
mysqldump - u [mysql user name] [database name] > [<target file name>.sql]

උදාහරණයක් විදියට,
C:\Users\HansA AmarasekarA\Desktop>mysqldump -u root vehiclereservationsystem > DB_Backup.sql
   
අපි දැන් බලමු අපි ළඟ තියෙන, හදා ගත්තු database backup file1 restore කරගන්නේ කොහොමද කියලා.

ඔයාලගේ restore කරන්න තියෙන database backup file එක තියෙන location එකට command propmt 1 න් යන්න. හෝ command prompt එක නැවතිලා තියෙන location එකට අර databse backup කරගත් file එක ගෙනත් දාන්න. ඊට පස්සේ command prompt එකේ මෙහෙම type කරන්න.

mysql - u [mysql user name] -p [mysql password] accounts < [<source file name>.sql]


උදාහරණයක්‌ විදියට,
mysql - u root -p toor vehiclereservationsystem < DB_Backup.sql

mysql සඳහා password දාලා නැති අය මෙහෙමයි කරන්න ඕනෑ. 
mysql - u root vehiclereservationsystem < DB_Backup.sql

වැඩේ ගොඩනං comment එකක් දාලා යන්න අමතක කරන්න එපා ...

4 comments :