ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

How to install Windows 8 on Dell n5110 - Black Screen fix

ඔයාලගේ Dell n5110 Laptop එකට Windows 8 install කරන්න බැලුවද ? කළු screen එකක් ඇවිත් නැවතිලා දිගටම තියෙනවද ? කරගන්න බැරි උනාද ? එහෙනම් ඔන්න අපි බලමු කොහොමද Dell n5110 ට සාර්ථකව Windows 8 install කරන හැටි.
මුලින්ම කියන්න ඕනෑ, මේ කරන දේ Risk එක වැඩී. වැරදුනොත් මේ පිලිබඳ කිසිදු වගකීමක් මම දරන්නේ නැති බව කියන්න ඕනා. ඒ නිසා අවදානම ගන්න නොගන්න එක ඔයාලගේ වැඩක්.මම මේ දේ කළා. 100% ක් සාර්ථකව කරගත්තා.

මෙතැනදී අපි කරන්නේ Dell n5110 Laptop එකේ BIOS version එක update කරන එකයි. වැඩේ හරිම ලේසියි. නමුත් පරිස්සමින් කලයුතුයි. මේක කරන්න කලින් මේ දේවල් හොදින් තියේද කියලා සුපරීක්ෂාකාරී වෙන්න. එහෙම නැති උනොත් ආයෙත් Lap එක වැඩ කරන්න බැරි තත්වෙට පත්වෙයි.
  • Lap එක 100% charged සහ ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධද කියලා.
  • Lap එකේ over heating ප්‍රශ්න නැති බව.
  • Lap එක හිටි හැටියේ off වෙන හෝ restart වෙන OS ප්‍රශ්න නැති බව.
හරි. ඔයාගේ දැනට තියෙන OS එකේ ඉදන්, දැන් එහෙනම් මෙන්න මේ Link එකෙන් Dell n5110 BIOS update එක download කරගන්න.
http://downloads.dell.com/FOLDER00799835M/1/N5110A11.EXE

ඊට පස්සේ මේ File1 open කරලා, Instructions follow කරන්න. මට මෙතන Screenshots ටිකක් දාන්න අමාරුයි මොකද, මම මේ වැඩේ කරන වෙලාවේ එකේ screenshots ගන්න බැරි උනා. මගේ lap එකත් නෙවෙයි. එකේදී progress එක පෙන්වනවා කොච්චර completedද කියලා, සහ bios update කරන්නේ කොටසින් කොටස. ඒ වෙලාවට Processor Cooling Fan 1 හොඳටම වැඩ කරයි. සද්ද ඒවි. බය වෙන්න එපා. හරියට උනොත් 5min වලින් bios update වේවි. ඊට පස්සේ Restart කරාම, BIOS වලට ගිහින් බලන්න. කලින්ට වඩා වෙනසක් දකින්න පුළුවන්.
දැන් Windows 8 install කරන්න.
Windows 7, Windows 8 Pen එකෙන් install කරන්න, pen 1 bootable කරන හැටි මෙතනින් ඉගෙන ගන්න.
http://kohomaharigodayamu.blogspot.com/2012/03/windows-7-pen-install.html

Bluetooth Driver එක Windows 8 වලට ගත්තේ නැති උනොත්, මෙන්න මේ driver update එක install කරන්න.
http://www.dell.com/support/drivers/us/en/19/DriverDetails/Product/inspiron-15r-n5110?driverId=3K92G&osCode=W864&fileId=3103951271&languageCode=EN

1 comment :

  1. Windows 8 install කරලා blank screen එක ආවට පස්සේ, laptop එකට වෙන මොනිටොර් එකක් සෙට් කරලා මේ update එක install කරන්නත් පුළුවන්. ඊට වඩා මේක ලේසියි.

    බොහොම ස්තුති හංස

    ReplyDelete