ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

Windows වල ඉදන් Laptop එක Wi-Fi Hotspot එකක් කරමු

මේ post එකෙන් කතා කරන්නේ අපි කොහොමද අපේම Laptop එක Wi-Fi Hotspot එකක් කරන්නේ කියල. ඒ කියන්නේ Laptop එකට එන incoming connection එකක් (Wifi, LAN, Cable Modem, Dial-up, Cellular, etc.) ඔයාගේ Laptop එකේ Wi-Fi හරහා share කරන්නේ කොහොමද කියල. අනික මේකෙන් හදන Wireless Connection එක ඕනෑම device එකකට share කරන්න පුළුවන්. (Laptops, Smart Phones, iPod Touchs, iPhones, Android Phones, Zune, Netbooks, wireless printers, etc.)
මීට කලින් මම යොදා ගත්තේ ConnectifyMe කියල software එකක්. ඒක තාමත් Windows 8 වලට support නැති නිසයි මෙහෙම, ඒ වෙනුවට යොදාගන්න පුළුවන් තවත් software හොයලා බැලුවේ.
Virtual Router Manager කියන මේ software එකෙන් පුළුවන් ඒ දේ නොමිලේම කරගන්න. Crack ඕන නැහැ. මේක Free, Open Source වර්ගයේ software එකක්. ඒ වගේම Windows 8, Windows 7, Windows Server 2008 R2 Operating Systems වලට support කරනවා.

කරන්න තියෙන්නේ හරිමසරල දෙයක්. මෙන්න මේ Link එකෙන් Virtual Router Manager 1.0 download කරගන්න.

මේ software එක run වෙන්න Microsoft .NET Framework 3.5අත්‍යවශ්‍යයි. ඒ නිසා Windows 8, Windows 8.1 භාවිතා කරන අයට Microsoft .NET Framework 3.5, Windows Update හරහා install කරගන්න වෙනවා.

ඊට පස්සේ Network Name (SSID) කියන තැනට ඔයාට කැමති නමකුත් (ASCII Characters),
password එකට characters 8 ක් හෝ ඊට වැඩි characters වලින් යුත් password එකක් දීලා,
Shared Connection කියන තැනින් Wi-Fi හරහා share කලයුතු Connection වර්ගය තෝරන්න. එතන list වෙන්නේ දැනට available connections විතරයි.
අන්තිමට Start Virtual Router button එක press කරන්න. ඔයාගේ අලුත් Wi-Fi hotspot එකට connect වෙන අයගේ විස්තර Peers Connected කියන කොටසේ පෙන්වනවා.

එහෙනම් try කරලා බලන්නකෝ

No comments :

Post a Comment