ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

ඔබේ Java Applicationට අවශ්‍ය සියලුම Library File එක්කම Windows Executable (EXE) file එකක් බවට පත් කරමු.

මින් පෙරත් මම .JAR file එකක් .EXE එකක් කිරීම පිලිබඳ post එකක් දැම්මා. එහිදී Java Project එකේදී යොදා ගත් Library files exe file එකට ඇතුලත් කිරීම සම්බන්ධව කතා කලේ නැහැ. ඒ නිසා අමතර JAR Library files යොදා ගත්තා නම් ඒවා exe file එක ඇති තැනම lib නමින් folder එකක ගබඩා කලයුතු උනා. ඒ ලිපිය මෙතනින් බලන්න. 
ඔබේ Java Application එක Windows Executable (EXE) file එකක් බවට පත් කරමු.

නමුත් දැන් මම සඳහන් කරන්න යන්නේ ඒ Java Project එකට යොදාගත් සියලුම JAR Library files, EXE file එකට ඇතුලත් කරල, Library files හංගලා, වෙනම distribute නොකර exe එකක් හදාගන්නේ කියල. exe file එකේ file size එකනම් ඉතින් ටිකක් වැඩිවෙනවා යොදා ගත් Libraries ප්‍රමාණය අනුව.
මේ සඳහා අප exe4j කියන මෘදුකාංගය භාවිතයට භාවිතා කරනවා. මෙමගින් පුළුවන් අපට පහසුවෙන්ම .exe file එකක් create කරගන්න. (සැලකිය යුතුයි - තවමත් මෙම මෘදුකාංගය එක සහය දක්වන්නේ Java 1.6 සඳහා පමණි. එමනිසා exe4j මෘදුකාංගය run වීම සඳහා පමණක් Java 1.6 අවශ්‍ය වේ. ඔබගේ Java Application එක, NetBeans Project එක Java 1.7 යටතේ නිර්මාණය කර තිබීම ගැටළුවක් නොවේ. )
මුලින්ම මේ සඳහා කරගන්න ඕන ඔයාලගේ NetBeans Project එක open කරලා Project එක Clean and Build කිරීමයි. මෙන්න මේ icon එක හෝ Shift + F11 මගින් ඔයාලට Project එක Clean and Build දෙන්න පුළුවන්. 
මෙහෙම කලාම ඔයාලගේ NetBeans Project Folder එකේ dist නමින් folder එකක් create වන අතර ඒ තුල ඔබ යොදාගත් Library file අඩංගු කල lib නම් folder එකක් සහ Project එකේ නමින් නිර්මාණය වූ .jar file එකක් දකින්න ලැබේවි. මෙන්න මේ jar file එක තමා exe file එකක් create කරන්න උවමනා වෙන්නේ.
 
වැඩේ කරන්න හැටි මෙන්න මේ Video  එක බලලම තේරුම් ගන්නකො.
http://www.mediafire.com/download/ai0pbwb71ya05pm/Create_exe_for_your_Java_Application_including_all_Libraries.rar

Duration - 04min 48s
Download File Size - 5.91MB
Original File Size - 199MB
File Type - .avi
Recommended Video Player - Windows Media Player

No comments :

Post a Comment