ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

ඔබේ Java Application එක Windows Executable (EXE) file එකක් බවට පත් කරමු.

මේ සඳහා අප exe4j කියන මෘදුකාංගය භාවිතයට භාවිතා කරනවා. මෙමගින් පුළුවන් අපට පහසුවෙන්ම .exe file එකක් create කරගන්න. (සැලකිය යුතුයි - තවමත් මෙම මෘදුකාංගය එක සහය දක්වන්නේ Java 1.6 සඳහා පමණි. එමනිසා exe4j මෘදුකාංගය run වීම සඳහා පමණක් Java 1.6 අවශ්‍ය වේ. ඔබගේ Java Application එක, NetBeans Project එක Java 1.7 යටතේ නිර්මාණය කර තිබීම ගැටළුවක් නොවේ. )
මුලින්ම මේ සඳහා කරගන්න ඕන ඔයාලගේ NetBeans Project එක open කරලා Project එක Clean and Build කිරීමයි. මෙන්න මේ icon එක හෝ Shift + F11 මගින් ඔයාලට Project එක Clean and Build දෙන්න පුළුවන්. මෙහෙම කලාම ඔයාලගේ NetBeans Project Folder එකේ dist නමින් folder එකක් create වන අතර ඒ තුල ඔබ යොදාගත් Library file අඩංගු කල lib නම් folder එකක් සහ Project එකේ නමින් නිර්මාණය වූ .jar file එකක් දකින්න ලැබේවි. මෙන්න මේ jar file එක තමා exe file එකක් create කරන්න උවමනා වෙන්නේ.
මෙන්න මෙතනින් exe4j software එක ඔයාලට download කරගන්න පුළුවන්. License key එක ඇතුලත්ව.
exe4j 4.4.2 for Windows x64
http://www.mediafire.com/?9qi9zpl0bamw3vi

කරන විදිය මෙන්න මේ video එකෙන් බලන්න. download කරගන්න.
Download Compressed File Size : 5.19MB
Original Video File Size : 178MB
Duration : 4.07 minutes
http://www.mediafire.com/?8j2mful598n8w1l

Torrent Download
http://torrents.thepiratebay.se/7373318/exe4j_Windows_x64_4.4.2_with_license_key.7373318.TPB.torrent



1. Regular Mode යන්න තෝරන්න
 
2. Application එකට කැමති කෙටි නමක් ලබාදෙන්න. Source Directory එක විදිහට Clean Build කර ලබාගත් dist folder එක තෝරා දෙන්න.
3. GUI Application තෝරා exe file එකට නමක් ලබාදෙන්න. අවශ්‍යනම් icon (.ico) එකක් තෝරා දෙන්න. ඒ වගේම application එක, එක් වරකට එකක් පමණක් නම් run විය යුත්තේ, Allow only a single instance of the application යන්න select කරන්න.
4. පෙර Window එකේ Advanced Options යටතේ Redirection යන්න click කලාම මෙම window එක ලැබේ. errors ඇති උනොත් ඒවා සටහන් වීම සඳහා file එකක් මෙමගින් ලබාදිය හැක.

5. ඊලගට එන්න window එකේදී අවශ්‍යනම් Version Information, CopyRight Information, Company Name, etc ... ලබාදෙන්න.

6. 64bit පමණක් හා, Administrator Permissions required අවශ්‍යනම් ඒ දේවල් අවශ්‍ය පරිදි වෙනස් කරන්න.
 
7. Class Path යන්න තුලට '+' ලකුණ සහිත button එක ඔබා dist folder එක තුල ඇති .jar file එක තෝරා දිය යුතුය.
8. ඒ සඳහා මෙම window එකෙන් Archive යන්න select කර, Details යන්න තුලින් අදාළ Project Name එකෙන් යුත් .jar file එක තෝරා දෙන්න.
9. නැවතත් ඉහත 7 වන පියවරේ ඇති window එකේ, .jar file එක add කලට පසු, Main Class යන්න යටතේ browse button එක click කර, මුලින්ම run විය යුතු java class එක (Main Class එක) තෝරා දීමයි. එය ඔබගේ NetBeans Project එක, ඔබ නිර්මාණය කල application එක අනුව වෙනස් වේ.
10. මෙම වින්ඩෝවේදී application run වීමට අවශ්‍ය කරන අවම සහ උපරිම JRE (Java Runtime Environment එක ලබා දිය යුතුය.

11. exe file එක run වෙන්න ගනිද්දී, ඊට කලින් යම් image එකක් display කිරීමට, අපි ඒකට කියනවා Splash Screen කියල. එහෙම යොදාගන්න උවමනානම් මෙන්න මෙතනින් Java 6+Splash Screen යන්න තෝරා Image File යටතේ .png, .gif, .bmp ආකාරයේ image file එකක් තෝරා දියහැක.
12. Program එක run වෙන මොහොතේදී ලැබිය හැකි errors වලදී display විය යුතු custom message එකක් තියේනම් ඒවා මෙතනින් සංස්කරණය කල හැක. මෙතනින් මේ Process එක අවසාන අතර Finish click කිරීමෙන් ඔබට .exe file output එක ලැබේ. dist folder එක තුලට ගොස් බලන්න ඔබගේ exe file එක සෑදී ඇති අයුරු.

2 comments :

  1. Srilanka Needs More people like u brother. Highly appreciate ur dedication, definitely all this stuff helps your career devolopment. Best of luck Cheerz

    ReplyDelete
    Replies
    1. Thank You So Much. Your words encourage me more n more

      Delete