ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

mySQL server configure කරන හැටි

mySQL server use කරන්න කලින් configuration settings වගයක් හදන්න තියේ.
mySQL bin directory එක  Windows PATH එකට ඇතුලත් කිරීම,
Security Settings ඇතුලත් කිරීම ආදියයි.
අපි දැන් බලමු මේවා කරන්නේ කොහොමද කියලා.
1. මුලින්ම MySQL Server Instance Config Wizard එකට යමු. ඒ සඳහා,
Start -> All Programs -> MySQL -> MySQL Server 5.1 -> MySQL Server Instance Config Wizard

2. Next ඔබන්න
3. Standard Configuration තෝරන්න, ඊලගට Next
4. Include Bin Directory in Windows PATH, check box එක check කර, Next දෙන්න.
   සැ.යු. මෙලෙස mySQL bin directory එකට Windows PATH එක set කලේ නැත්නම් database backup,   database restore කිරීම් කරගන්න නොහැකි වේවි.
5. mySQL වලට password එකක් දාගන්න ඕනෑ කට්ටිය,
    Modify Security Settings කියන checkbox එක check කරලා, අවශ්‍ය කරන password එකක් දාගන්න.
    Confirm text box 1ට නැවතත් එම password එකම type කරන්න. Next ඔබන්න.
    password දැමීම අනවශ්‍ය අය Modify Security Settings කියන checkbox එකේ tick එක (හරිය) ඉවත් කර   Next ඔබන්න.
6. Execute button එක ඔබන්න.

දැන් Configuration වැඩ ඉවරයි.

තවත් තේරුම් ගන්න ඕනෑ අය මේ video එක බලන්න.
database එකක් create කිරීම,
create කරගන්න ලද database එකක් use කරන්න ගන්න හැටි,
දැනට පවතින databases මොනවද කියලා බලාගන්න,
create කරන ලද database එකක් store කරන අයුරුද අඩංගු වේ.

http://www.mediafire.com/?i99sd225pw9dx2b

2 comments :