ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

JFrame එකේ Title Bar එකේ Icon එක වෙනස් කරමු.

අපි ගන්න ගන්න හැම JFrame එකකම තියෙන්නේ Java Coffee Cup icon එකනේ. වෙනස් කරන්න property එකක් තිබුනට එක පාර image 1ක් icon එකට සෙට් කරගන්න බෑ. මේ post එක කියවලා බලලා ඔයාලටත් පුළුවන් ඔයාලට ඕනෑ පින්තුරයක් Frame Icon එකට සෙට් කරන්න.
මේ සඳහා මුලින්ම ඔයාලා කැමති image එකක් තෝරාගෙන ඉන්නකෝ. .jpg, .png, .gif image file type මේ සඳහා යොදාගත හැක. .png නම් transparent background තියෙන image භාවිතා කරන්නත් පුළුවන්.
තෝරගත්තු  image එක ඔයාලගේ project folder එක හෝ එහිම වෙනත් folderයක් හෝ package 1ක් තුලට copy කරගන්න. දැන්, ...

දැන් ඔයාලා Icon එක දාන්න යන JFrame එක තෝරාගන්න. (Component Inspector වින්ඩෝව යොදා ගත හැක). JFrame සඳහා Properties window එකේ  iconImage කියන property එක තෝරලා, එකේ ඉස්සරහ තියෙන Custom Editor button එක click කරන්න. දැන් ලැබෙන වින්ඩෝවේ,
Set Form's iconImage property using : යන්නට dropdown list එකෙන් Custom Code තෝරන්න.
එහි,
Form.setIconImage යන්න ඉදිරියේ ඇති text box එකට මෙන්න මේ code එක copy, paste කරන්න.

(new ImageIcon("myApplicationIcon.png")).getImage()



මෙහි hans.png යනු මගේ project folder එකේ ඇති image file එකයි.
ඔබගේ image එක තියෙන location එකට project folder එකේ සිට Relative Path එක සෙට් කරන්න.
eg. src folder එකේ ඔබේ icon image එක ඇත්නම්,

(new ImageIcon("./src/1.jpg")).getImage()

අමතක කරන්න එපා, මේවා කලාට පස්සේ, Source Code එකට ගිහින් මෙන්න මේ package එක import කරන්න. හෝ මේ code එක copy, paste කරගන්න.

import javax.swing.ImageIcon;


වැඩේ හරි. ඔයාලටත් ෆිට් නම් comment එකක් දාලා යන්න.

1 comment :

  1. mee dala tiyana ewa okkoma fit thmai machan.. thanxx... a lots........ (y)

    ReplyDelete