ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

ඉතා සරලව සිංහල යුනිකෝඩ් වලින්, සිංහල type කරමු.

ඕගොල්ලෝ  මේ කියවන blog එකේ පවා සිංහල අකුරු සටහන් වෙලා තියෙන්නේ සිංහල යුනිකෝඩ් වලිනි. මං හිතනවා, යුනිකෝඩ් කියන්නේ මොකක්ද කියන දේ මේක කියවන ඔයාලා දන්නවා ඇති කියලා. (යුනිකෝඩ් කියන්නේ ලෝකේ තියෙන ලියන භාෂා සඳහා, ඒ ඒ භාෂාවේ ඒ ඒ අකුර වෙනුවෙන්, අනන්‍ය කේතයක් ලබාදී ඇති, ඕනෑම මෙහෙයුම් පද්ධතියක, භාෂාව මොකක් උනත් භාවිතා කරන්න පුළුවන් අක්ෂර කේතකරණයකි.)
අපි බලමු කොහොමද ඉක්මණින් සහ සරල යුනිකෝඩ් සිංහල type කර ගන්නේ කොහොමද කියලා.
මේ සඳහා මං භාවිතා කරන්නේ Google IME tool එක. ඒ කියන්නේ Google Transliteration Input Method Editor කියන එකයි.
මෙතැනින් මේ software එක බා ගන්න. බා ගන්න කලින්, ඔතන ඔයාට ඕනෑ කරන භාෂාව මොකක්ද කියලා තෝරන්න ඕනෑ. භාෂා 22 ක් සඳහා මේ tool එක support කරනවා. ඉතින් අපිට ඕනෑ සිංහල භාෂාවනේ. සිංහල තෝරලා, ඔයාලා භාවිතා කරන Windows Operation System architecture එකත් තෝරන්න.
ඊලගට Download Google IME click කරන්න. Install කිරීම සඳහා පමණක් internet connection එකක් අවශ්‍ය වේ.
ඒ වගේම මේ software එක දැනට සහය දක්වන්නේ, Windows 7/Vista/XP (32-bit/64-bit) සඳහා වේ.




 


http://www.google.com/ime/transliteration/

Install කරලා ඉවරවුණාම, task bar එකේ clock එක ළඟ,

මෙන්න මේ රතු පාටට ලකුණු කරපු තැන විදියට පෙනේවි. ඔයාලට සිංහලෙන් type කරගන්න ඕනෑ තැනට ගිහින් ඉහත highlight කරපු EN යන්න click කරන්න.ඒක click කරන්න. එතකොට මෙන්න මෙහෙම ඒවි.






මෙතන SI Sinhala (Sri Lanka) යන්න තේරූ පසු, ඕගොල්ලන්ට ඕනෑ තැනක, යුනිකෝඩ් සිංහල භාවිතා කරන්න පුළුවන් කම ලැබෙනවා. මේකෙන් සිංහල type කරන්න විදියත් ටිකක් බලමු.
මෙන්න මේ පහල දාලා තියෙන video එක බලන්නකෝ. එතකොට පැහැදිලි වේවි මොකක්ද මෙතන කරන්න ඕනෑ කියල. Languages අතර මාරු වෙන්න shift key + alt key ඔබන්න. එතකොට පහසුවෙන් Language 2 අතර මාරු වෙන්න පුළුවන්.



එහෙනම් ඉතින් ජය වේවා !
තවත් ලිපියකින් හමුවෙමු.

1 comment :

  1. හොඳ ලිපියක් මචං...ජයෙන් ජය

    ReplyDelete