ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

Showing posts with label SLIIT 1st Year 1st Semester. Show all posts
Showing posts with label SLIIT 1st Year 1st Semester. Show all posts

VMware වල ඕන කරන packages එක්කම Fedora install කරමු.

මුලින්ම කියන්න ඕන මේ කරන විදිහට,  OS දෙකක් dual boot දාන්න හිතාගෙන Computer එකේ partition වලට directly install කරන්න යන්න එපා. ඒක කරන්න වෙනම විදියක් තියේ.
අලුත් VMware සංස්කරණවල Easy Install නම් feature එක තුලින් User ට පහසුවෙන්, අඩු පියවර ගණනකින් Operating System එකක්, ඒ තුල Install කිරීමේ හැකියාව ලබාදී තිබේ. නමුත් ඔබට ගැටළුවක් වෙලා තියෙන්න ඇති, කොහොමද අපිට උවමනා කරන Software, Packages එක්ක Customized Installation එකක් කරගන්නේ කියල.

VMware තුල Fedora (Hanthana) ස්ථාපනය කරන හැටි.

SLIIT එකේ 1st Years ලා, 2nd Years ලා, 4th Years ලා ට උනත් හුඟාක් වෙලාවට භාවිතා කරන දෙයක් තමයි VMware Workstation කියන්නේ. 1st Yearsලට Introduction to Programming Environment (IPE) වලටත්, 2nd Yearsලට System Programming and Designing (SPD) වලටත් Fedora Operating System එක් use කරන්න ඕනෑ කරන හින්දා හරි හරියට මේකෙන් වැඩ. එත් හුඟාක් අය දන්නේ නෑ මේ software 1 තුලින් Fedora install කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ අයට දැනුවත් වෙන්නත්, තනියෙන් වැඩක් කරගන්න බය නැතිව, මේ ලේසි දේට අත ගහන්න හැකි කරවන එකත් අරමුණින් තමා මේ post එක දාන්නේ.
අපේ studies වලට අතවශ්‍ය හැමදේමත් (1st Year, 2nd Year), Windows වගේ පහසුවෙන් භාවිතා කරන්න හදලා දීලා තියෙන ලංකාවේ අපේ කොල්ලන්ගේ වැඩක්. ගන්න අපේ දේ.
 





 
හන්තාන ලිනක්ස්. (Hanthana Linux) - Fedora වලම සංස්කරණයකි. මං ඔයාලට කියන්න යන්නේ මේක කොහොමද අපේ VMware තුල පිහිටුවන්නේ කියලා.