ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

Java SE software, project එකට theme එකක්, Look and Feel එකක් ඇතුලත් කරමු.

ඔයාලගේ NetBeans වලින් කරන Java Project එකේ, software එකේ පෙනුමට ටිකක් හැඩවැඩ දාමු. Theme එකක් දාමු. මේ විදියට හදපු Themes තමා, Synthetica, JTattoo කියලා කියන්නේ. අපි බලමු කොහොමද මේවා අපේ project එකට ඇතුලත් කරගන්නේ කියල.

jLabel එකක Real Time එක display කරමු.

jFrame එකක් තුල, jLabel එකක අපට වෙලාව ලේසියෙන්ම දක්වන්න පුළුවන් Date class එකෙන් current date, current time අරගෙන. නමුත් කාලයත් සමග වෙනස් වෙන ලෙස පෙන්වන්න කිවුවොත් එහෙම ලේසියෙන් ගන්න බෑ. අපට මේ සඳහා තවත් දේවල් කිහිපයක සහය අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම javax.swing package එකේ Timer class එකත්, java.awt package එකේ ActionListener සහ ActionEvent classes. අපි බලමු මේක කරන්නේ කොහොමද කියල.

3. Web Application එකට සරලම Login එකක් හදමු.

මෙතෙක් ඉගෙන ගත්තේ වටපිටාව ගැන මේක ඉගෙන ගන්න ඕන වෙන. දැන් පළමු වතාවට, Web Application එක Run කරමු. අප තාමත් කිසිම වෙනසක් කර නැහැ. Default Project එක හැදුනු තත්වෙන්මයි තියෙන්නේ. Run Main Project button එක හෝ F6 key එක ඔබන්න.

අපේම Google Search Page එකක් හදාගමු - HTML 5.

මේ සඳහා මං ඉතාම සරල විදිහක් තමා යොදාගෙන තියෙන්නේ. මේකේ ඇති අමාරු දෙයක් නෑ. හැබැයි HTML දැනුම ටිකක් ඕන කරනවා. වැඩේට උවමනා කරන්නේ text field එකක්. සහ submit type එකේ button එකක් විතරයි. ලස්සනක් තියෙන්න ඕන නිසා වැඩ ටිකක් දාලා තියේ ඒ ගැන හිතන්න එපා. ඉතින් අපි text field, submit button ගන්නවානම් form එකත් යොදාගන්නවනේ. දන්නා HTML වලින් image එකක් එහෙම දාලා, text field එක, submit එක දාගන්නකෝ. HTML 5 වලින් මං මේ සඳහා යොදා ගන්නේ,

1. Introduction to HTML 5

HTML 5 කියන්නේ කලින් තිබුණු, දැනටත් තියෙන HTML සඳහා වූ අලුත්ම සම්මතයයි. හුගාක් ප්‍රධාන Web Browsers, HTML 5 වල අලුත් අලුත් දේට සහය දක්වනවා. ඒ වගේම මෙතෙක් තිබුණු HTML අඩුපාඩු  හුගක් මෙයින් සපුරලනවා. 
උදාහරණ විදිහට,

2. GlassFish Server එක ඇරඹීම සහ භාවිතය.

මේ GlassFish කියන Server එක තුල තමා අපේ Web Application එක deploy වෙන්නේ. ඒ නිසා අපේ project එක run කරන මුල්ම අවස්ථාවේ (පරිඝනකය තුල NetBeans open සෑම අවස්ථාවකම) server එක start කල යුතු වේ. Project එක run කරන විට server එක ස්වයංක්‍රියව ආරම්භ වනනමුත්, ඒ පිලිබඳ ඉගෙන ගැනීම සඳහා අප ටිකක් කතා කරමු.

1. NetBeans වලින් Java Web Application එකක් හදමු.

" කොහොම හරි ගොඩ යන්නත් එපැයිනේ " Facebook group එකේ Official WebSite එක හදන් යන හැටි තමා, මෙතැන් පටන් "The Making of Official WebSite" කියන ලේබලය හරහා කතා කරගෙන යන්න. J2EE, Java Web Application, jQuery, AJAX, JavaScript පිලිබඳ  හදාරන්න ඕන ආසා අයට, දැනුම එකතු කරගන්න කැමති අයට මේ හා එක් වෙන්න පුළුවන්. 
නිවාඩු කාලේ නිකන් ඉන්න පට්ට කම්මැලි. නිකන් ඉන්න එකේ ජීවිතේටත්, අධ්‍යාපනයටත්, සුදුසුකම් වලටත්, මගේ වටේ ඉන්න යහළු මිත්‍රයන්ටත් වැඩක් ඇති වැඩක් කරන්න හිතුනා. වැඩි සද්ද නැතිව වැඩේට බහින්නම්.
ඔන්න එහෙනම් මුල්ම post එක, NetBeans මෘදුකාංගය භාවිතා කරලා Java Web Application එකක් ආරම්භ කරන හැටි.

Sinhala akuru penne nathnam

Kohoma Hari Goda Yannath Epayine Facebook Group eke ho, Kohoma Hari Goda Yannath Epayine Blog eke,
Sinhala unicode akuru penne nathnam, (specially Windows XP users)
Sinhala unicode wenama install karanna ona wenawa. mama use karanne ISKOOLA POTA 
kiyana sinhala unicode font ekai. eya install karaganna. ho pahatha links walin
Sinhala unicode, Windows XP thula install karaganna.
For Windows XP Service Pack 2
http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe
For Windows XP Service Pack 3
http://www.locallanguages.lk/files/SinhalaTamilKit_XP_SP3.exe

ජාතික හැදුනුම්පත් අංකයෙන් උපන්දිනය හොයන්න Java වැඩසටහනක් ලියමු.

ඔක්කොටම කලින් දැනගමු මේකට තර්කය මොකක්ද කියල. ජාතික හැදුනුම්පතේ පිටට එක පාරම පෙන්න උපන්දිනය සඳහන් වෙලා නෑ. අපිට පොඩි ගණිතකර්ම ටිකක් කරලා, ඕක හොයා ගන්න පුළුවන්. ජාතික හැදුනුම්පත් අංකය ඉලක්කම් 9 කින් සමන්විතයි. අගට V අකුරකුත් ඇතුලත් වෙනවා. මේ ඉලක්කම් 9 න් මුල් ඉලක්කම් 5 විතරයි අපට උවමනා කරන්නේ. මම මේ සඳහා වැඩසටහන්කරණයට යොදා ගන්නේ Java භාෂාවයි. ඒ වගේම IDE එක ලෙස Net Beans යොදා ගන්නවා. 

Team Viewer - Access your computer remotely and share your desktop with friends

Team Viewer මෘදුකාංගය මගින් අපට පුළුවන් තවත් කෙනෙක්ගේ පරිඝනකයක් හරි අපි ඒ ඉස්සරහ ඉන්නවා වගේ පරිශීලනය කරන්න. hack කරන්න නෙවයි. වැදගත් විදියට වැදගත් වැඩක් කරන්නයි. SLIIT එකේ අපි, අපි වෙනුවෙන් අපි.

මෙහිදී අදාළ දෙපාර්ශවයම Team Viewer මෘදුකාංගය ස්ථාපනය කර තිබිය යුතුය. මෙතනින් ඔබට ගැලපෙන, අවශ්‍ය මෘදුකාංගය download කරගන්න.


Team Viewer for Windows, Mac, Linux, Android.
Portable Versions also available.