ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

Visual Studio 2010 සඳහා SQL Server Management Studio 2008 ස්ථාපනය කරගන්න අයුරු.

C#.NET වලින් Project එක කරන්න ඉන්න අයට, Visual Studio 2010 නම් install කරගෙන ඉන්නේ එකට හරියන්න Database සම්බන්ධව වැඩකරගන්න පුළුවන් SQL Server Management Studio 2008 software එක මගින්. අපි බලමු පියවරෙන් පියවර කොහොමද මේක install කරන්නේ සහ, අවසානයේ SQL Server Management Studio වලට Login වෙන්නේ කොහොමද කියල. මේ software එක install කරන්න කලින්, Visual Studio install කරනකොටම SQL Server Express යන්න install කරලා තියෙනවනම් හොඳයි.
SQL Server Management Studio 2008 ඔයාලගේ OS එකේ architecture එකට හරියන version එක මෙතැනින් බා ගන්න.
http://www.microsoft.com/en-us/download/details.aspx?id=7593
SQLManagementStudio_x64_ENU.exe176.5 MB

SQLManagementStudio_x86_ENU.exe168.3 MB

මුලින්ම Control Panel --> Programs --> Turn Windows features on or off යන්න.
දැන් එන Window එකේ Internet Information Service යන්න දිග හරින්න. එහි සියල්ලට select කරන්න. (හරියක් දමන්න). මෙන්න මේ විදිහට පේන්න. 
දැන් OK දෙන්න. හැකිනම් තාවකාලිකව Windows Firewall එක Off කරන්න. අත්‍යවශ්‍ය නැහැ. මෙහෙම මේ දේවල් කලේ Setup එක Continue කරගෙන යද්දී Tests වගයක් සිදු කරනවා. ඒවා Pass වීමටයි. මං මේ දේවල් කලින් කරලා, ඒ කරන ගමන් Screen Capture අරන් තමා කරන්නේ. 
දැන් download කරගත් හෝ ඔයාලගාව තියෙන SQL Server Management Studio setup එක Run කරවන්න. පහත රූප වල දැක්වෙන විදියට Setup එක Continue කරගෙන යන්න.

 New SQL Server stand-alone installation or add features to an existing installation යන්න තෝරන්න.

 Failed කිසිවක් නැත්නම් ඔබට ඉස්සරහට යන්න පුළුවන්. Warning, Skipped තිබුනට ඉස්සරහට යන්නනම් පුළුවන්. 

 Next දෙන්න.

 Failed කිසිවක් නැත්නම් ඔබට ඉස්සරහට යන්න පුළුවන්. Warning, Skipped තිබුනට ඉස්සරහට යන්නනම් පුළුවන්. බලන්න, Windows Firewall Off නම් එකත් Pass.

 අලුතින්ම install කරන්න යනවනම් මෙහි Perform a new installation of SQL Server 2008 යන option එක තෝරන්න.

 Next දෙන්න

 Agreement එක කියවන්න කාලේ නාස්ති කරන්න ඕන නෑ. කෙලින්ම I accept this license terms click කරලා  Next දෙන්න.

 අනිවාර්යෙන්ම මෙහි Management Tools - Basic යන්න තෝරන්න. නිකන් Next Next දීගෙන යන්න පුරුදුවෙලා ඉන්න අයට මේක මග ඇරෙනවා. ඊට පස්සේ ඉතින් වලිගෙ පාගාගෙන කෑගහනවා.

Disk Space check එකක් වෙන්නේ. Next දෙන්න.

මුකුත් check කරන්න ඕන නෑ. Next දෙන්න.

Installation Rules පෙන්වන්නේ. Fails මුකුත් නැත්නම් Next දෙන්න. 

Next දෙන්න.

වැඩේ හරි !!!.

Management Tools සාර්ථකව නිමවුනානම්.

Progress එකම සාර්ථකව නිමවුනාම මෙහෙම පෙන්නාවි. 
දැන් Start Menu එකට ගිහින් SQL Server Management Studio open කරන්න.
මෙහි Server Name කියන තැන බොහෝවිට හිස්ව තිබිය හැක. ඒ වෙලාවට,
ඔබේ Computer Name එක සොයාගෙන ඒ නම සමග \SQLEXPRESS යන්න ඒ text box එක තුල සඳහන් කරන්න. (Computer Name එක, My Computer Properties වලින් සොයාගත හැක).
උදාහරණයක්‌ විදියට මගේ නම්, HansA-ACER\SQLEXPRESS
දැන් Connect යන button එක Activate වන අතර, ඔබට SQL Management Studio භාවිතයට යොදාගත හැක.

No comments :

Post a Comment