ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

2. GlassFish Server එක ඇරඹීම සහ භාවිතය.

මේ GlassFish කියන Server එක තුල තමා අපේ Web Application එක deploy වෙන්නේ. ඒ නිසා අපේ project එක run කරන මුල්ම අවස්ථාවේ (පරිඝනකය තුල NetBeans open සෑම අවස්ථාවකම) server එක start කල යුතු වේ. Project එක run කරන විට server එක ස්වයංක්‍රියව ආරම්භ වනනමුත්, ඒ පිලිබඳ ඉගෙන ගැනීම සඳහා අප ටිකක් කතා කරමු.
NetBeans window එකේ වම් අත පැත්තේ ඇති Services කියල docked window එකක්. එක තොරන්නකෝ. එහෙම window එකක් පෙන්න නැතිනම්, Menu bar එකේ, 
Windows ---> Services හෝ Ctrl + 5 ඔබන්න. ඔබට ඒ වින්ඩෝව පෙනේවි. 
එහි Servers යන ගොනුව දිගහරින්න. ඔබට පෙනේවි Apache Tomcat 7.0.22.0 සහ GlassFish Server 3.1.2 යනුවෙන් සඳහන්ව ඇතිබව. (install කර ඇති servers, servers ප්‍රමාණය සහ version numbers මාරු විය හැක).
මම යොදාගන්නේ GlassFish server. ඒ මත right click කරන්න. Start ඔබන්න.
                                   
 
ඔබගේ පරිගණකයේ වේගය, RAM ධාරිතාව මත Load වීමට ගතවන කාලය රඳාපවතී. NetBeans වල පහල output window එකේ සියල්ල සටහන්වේ. Load වී අවසානයේ, ඉහත රූපයේ පරිදිම Glass Fish Server 3.1.2 යන්න මත right click කර, View Domain Admin Console යන්න click කරන්න. එවිට ඔබගේ default web browser එක load වී, Glass Fish Server Admin Console එක open වේවි මෙන්න මේ වගේ. NetBeans 6.7 or ඊට පහල version භාවිතා කරන අයට ඇත්තේ Glass Fish Server version 2 ය. එහි Admin Console එකේදී Admin user name, password අහන අතර,
default user name එක වන්නේ - admin
default password එක වන්නේ - adminadmin යන්නයි.

GlassFish Server Administration Console Loading ...
GlassFish Server Administration Main Home Page ...

ඉතින් මෙහි තියෙන දේවල් ටිකක් අතගාල බලන්න මොනවද වෙන්න තියෙන්නේ කියල. ඉදිරියේදී අපිට උවමනා වෙනවා මෙහි තියෙන Application යන්නත්, Resources වල JDBC යන්න සහ, Connectors යන්න. Application කොටසේ තමා අපේ වෙනම තියෙන Web Application file (.war extension එක තියෙන) server එකට ඇතුල් කරන්නේ. JDBC හරහා අපට පුළුවන්, අපේ Web Application එකට ඕන කරන්න Database connect කරන්න. මේ ගැන වැඩි පැහැදිලි කිරීම් ඉදිරියේදී ඕන උනාම කියල දෙන්නම්කො. List එකේ උඩින්ම Domain සහ server (Admin Server) යන්න හරහා පුළුවන් ඔයාලට මෙහි settings වෙනස් කරන්න.
ඔන්න ඔහොමයි කතන්දරේ. මෙතන ඉදන් ඊලග පාඩම් කෙලින්ම JSP (Java Server Pages) සහ Servlet  පිළිබඳවයි. ඉතින් මේකට Java දැනුම විතරක් නෙවයි. HTML සරල දැනුම උවමනා වෙනවා.

හමුවෙමු.

No comments :

Post a Comment