ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

Java SE software, project එකට theme එකක්, Look and Feel එකක් ඇතුලත් කරමු.

ඔයාලගේ NetBeans වලින් කරන Java Project එකේ, software එකේ පෙනුමට ටිකක් හැඩවැඩ දාමු. Theme එකක් දාමු. මේ විදියට හදපු Themes තමා, Synthetica, JTattoo කියලා කියන්නේ. අපි බලමු කොහොමද මේවා අපේ project එකට ඇතුලත් කරගන්නේ කියල.

මුලින්ම මේ පහල තියෙන links වලින් themes download කරගන්න. .rar file එක extract කලාම *.jar file ටිකක් ලැබේවි. ඒවා තමා අපේ වැඩේට උවමනා කරන්නේ.

JTattoo Look and Feel එක මෙතැනින් බා ගන්න.

(Java 1.5, 1.6, 1.7 සඳහා හොදින් සහය දක්වයි.)

Synthetica Look and Feel සියල්ල මෙතැනින් බා ගන්න.
(Java 1.5, 1.6 සඳහා හොදින් සහය දක්වයි. Java 1.7 සඳහා මට වැඩකලේ නැහැ)

දැන් ඒ jar file ඔයාලගේ project එකේ src folder එකේ හෝ, එහි sub folder එකකට copy කරගන්න. හෝ project එක තුල ඕනෑම folder එකකට. මෙහෙම කරන්නේ, එතකොට ඕනෑම තැනකදී යලි යලිත් Library add නොකර, Reference Problems ඇති නොවී තබා ගැනීමටයි. 

ඉතින් මෙන්න මෙතැනින් Library වලට, අර .jar files ටික add කරගන්න. Synthetica යොදාගන්නවානම් උවමනා කරන theme .jar file එක වගේම, Synthetica.jar file එකත් add කරන්න. jTatto පමණක් යොදාගන්නවානම් ඒ JTattoo.jar file එක පමණක් add කරගත්තම ඇති.
දැන් මේ theme එක මුළු Project එකේම jFrame වලට add කරගන්න මෙහෙම කරන්න පුළුවන්. මුලින්ම Run වන Main class එක හොයාගෙන එය edit කිරීමයි. (සැලකිය යුතු - Project එක create කරන අවස්ථාවේදී මේ  Main Class එකට නමක් අසන අතර එවැන්නක් create කිරීම අවශ්‍යද යන්නත් අසයි. ඒ අවස්ථාවේදී මමනම් Main කියන නමින්ම class එක හදාගන්නවා. ඔයාලා එතන නම වෙනස් කලේ නැත්නම් projectname.ProjectName.java (simple letters, real name combination) ආකාරයේ file එකක් ඇතිනම් එය ඔබේ Main class එකයි.). Main class එක තුල එය මෙලෙස සිදුකල හැක.

try{
     UIManager.setLookAndFeel(new HiFiLookAndFeel());
     HansA h = new HansA();
     h.setVisible(true);
} catch (Exception ex) {
     HansA h = new HansA();
     h.setVisible(true);
}

එක jFrame එකකට පමණක් උවමනානම් අදාල jFrame එකේ, Source Code කොටසේ පහලම main method එක තුල ඇති run කියන method එක ඇතුල මෙසේ වෙනස් කරන්න.
public void run() {
          try{
               UIManager.setLookAndFeel(new HiFiLookAndFeel());
               new HansA().setVisible(true);
          }catch (Exception ex) {
               new HansA().setVisible(true);
          }
}

ඉහත සදහන් coding කොටස් දෙකම ගැන කතාකලොත්, java තුල User Interface Appearance එක, එහෙමත් නැත්නම් Theme එක වෙනස් කිරීම සඳහා අප භාවිතා කරන්නේ UIManager යන්නයි. එම class එකේ setLookAndFeel method එකට, අප‍ට set කරන්න ඕන theme එකේ object එකක් parse කරන්න ඕන. ඉතින් ඔයාල අහයි කොහෙන්ද ඔය නම් හොයාගන්නේ කියල. මේකයි කරන්න ඕන. අදාල jar file එක Library එකට add කරලනම් තියෙන්නේ new keyword එකට පස්සේ coding එක type කරගෙන යද්දී, Ctrl + Space keys ඔබන්න. එතකොට dropdown list එකකින් ඔයාලට තියෙන themes පෙන්නාවි.

ඉතින් මෙතැනින් select කරලා, Project එක run කරවලා බලන්න. jTattoo වල LookAndFeel වල ස්වරූපය බලාගන්න ඉහත video ව බලන්න.




Acryl LookAndFeel
BernsteinLookAndFeel
HiFi LookAndFeel
Luna LookAndFeel
McWin LookAndFeel
Nimbus LookAndFeel


1 comment :