ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

C# Application එකෙන් GMail හරහා Email යවමු.

හිතන්න ඔයාලගේ client ට GMail account එකක් තියෙනවා. එයාට Company එකේ software එකෙන්ම එයාගේ Business Partnersලට, Customersලට Company එකේ අලුත් දෙයක් ගැන කියල Email යවන්න උවමනාවක් තියේ කියල. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් හරහා client ගේ අවශ්‍යතාව ඉටු කරලා දෙන්න. මං මෙතනදී ඔයාලට කියල දෙන්නේ එක වරකටඑක් අයෙකුට Email යවන විදියයි.


මුලින්ම Email එකක් අනිවා තියෙන ඕනා දේවල් තමා,
යවන්නාගේ Email Address එක, යවන්නාගේ Email Password එක, ලබන්නාගේ Email Address එක, Email Subject, Email එක හරහා යවන Message එක. (සැලකිය යුතුයි - මේ දක්වන්නේ GMail හරහා Email යැවීමට අවශ්‍ය කරන දත්ත වේ.)
ඉතින්  ඉහත කී දත්ත 5 ලබාගන්න, TextBox 4ක් සහ Message එක type කිරීමට RichTextBox එකක් හෝ MultiLine Text Box එකක් ඇතුලත් කරගන්න. ඒ වගේම Action එක confirm කරන්න button එකකුත් ගන්න. දැන් මේ button click event එකේ මෙහෙම සඳහන් කරන්න. ඒ වගේම System.Net.Mail (using System.Net.Mail;) යන NameSpace එකද ඇතුලත් විය යුතුය.

MailMessage mailMsg = new MailMessage();
mailMsg.From = new MailAddress(from.Text); //යවන්නාගේ Email ලිපිනය
mailMsg.IsBodyHtml = true;
mailMsg.Subject = subject.Text; //Email එක සඳහා Subject එක
mailMsg.Body = body.Text; //Email එකෙන් යවන Message එක
mailMsg.To.Add(to.Text); //ලබන්නාගේ Email ලිපිනය
SmtpClient smtp = new SmtpClient("smtp.gmail.com");
//SMTP(Simple Mail Transfer Protocol Address) - GMail සඳහා SMTP Server
smtp.Credentials = new System.Net.NetworkCredential(from.Text, password.Text);
smtp.EnableSsl = true;
smtp.Send(mailMsg);
MessageBox.Show(this, "Email Sent Successfully", "Successfull");

මේ application එකම ඔයාලට කැමති විදිහකට වෙනස් කරගන්න. උදාහරණයක් විදිහටකිහිප දෙනෙකුගේ Email address ඇතුලත් කරලා එක Email එකක් යවන්න. ඒ වගේමfile එකක store කරලා තියෙන emails load කරගෙන ඒ email address වලට email යවන්න එහෙම ඔයාලා අත්හදා බලන්න. ඒ විතරක් නෙවයි File එකක් attach කරලා, Images දාලා email යවන්න එහෙම ...

No comments :

Post a Comment