ලේසියෙන්ම හොයාගන්න මෙතනින්

1. NetBeans වලින් Java Web Application එකක් හදමු.

" කොහොම හරි ගොඩ යන්නත් එපැයිනේ " Facebook group එකේ Official WebSite එක හදන් යන හැටි තමා, මෙතැන් පටන් "The Making of Official WebSite" කියන ලේබලය හරහා කතා කරගෙන යන්න. J2EE, Java Web Application, jQuery, AJAX, JavaScript පිලිබඳ  හදාරන්න ඕන ආසා අයට, දැනුම එකතු කරගන්න කැමති අයට මේ හා එක් වෙන්න පුළුවන්. 
නිවාඩු කාලේ නිකන් ඉන්න පට්ට කම්මැලි. නිකන් ඉන්න එකේ ජීවිතේටත්, අධ්‍යාපනයටත්, සුදුසුකම් වලටත්, මගේ වටේ ඉන්න යහළු මිත්‍රයන්ටත් වැඩක් ඇති වැඩක් කරන්න හිතුනා. වැඩි සද්ද නැතිව වැඩේට බහින්නම්.
ඔන්න එහෙනම් මුල්ම post එක, NetBeans මෘදුකාංගය භාවිතා කරලා Java Web Application එකක් ආරම්භ කරන හැටි.
මුලින්ම ඉතින් NetBeans open කරගන්න. මම මෙහෙදී යොදා ගන්නේ NetBeans 7.1.2 version එකයි. ඒක ප්‍රශ්නයක් නෑ. JavaEE ඇතුලත්ව තියෙනවනම් ඇති. NetBeans නැති අයට නවතම සංස්කරණය මෙතනින් බා ගන්න පුළුවන්. http://netbeans.org/downloads/index.html
දැන් File ---> New Project ... යන්න. Java Web ---> Web Application යන්න තෝරලා Next දෙන්න.
ඊළඟට Web Application Project එකට ඔයාල කැමති නමක් දෙන්න. ඒ වගේම ඔයාලට ඕන කරන තැනක Project ඒක save කරගන්න උවමනානම් Project Location : යන්න Browse ... බොත්තම click කර තෝරා දෙන්න. අවශ්‍යනම් Main Project එක බවට පත්කරන්න.

ඊට පස්සේ අපෙන් අහනවා Server එක මොකක්ද, භාවිතා කරන්න යන JavaEE version එක ගැනත්. මෙහිදී මම භාවිත කරන්න යන්නේ GlassFish Server 3.1.2 යන්නයි. ඒ වගේම JavaEE 6 version එකයි. Apache Tomcat Server එක උනත් කමක් නෑ. මෙන්න මේ කියන Server එකක් තුල තමයි අපේ Web Site එක Developing අවස්ථවේදී run වෙන්නේ. ඇත්තෙන්ම අපි මේකට කියන්න ඕන Deploy කරනවා කියල.අනිත් දේවල් මුකුත් වෙනස් කරන්න යන්න එපා. ඔය පහල තියෙන Context Path යන්න වෙනස් කරන්න එපා. ඒ නම මතක තියාගන්න. එක පසුව වැදගත් වෙනවා. ඒ ගැන ඒ වෙලාවට කියන්නම්. Next දෙන්න.

අවසාන වශයෙන් Web Application එකට භාවිතා කරන Frameworks මොනවද කියල අහවි. එක දැනට හිස්ව තියලා Finish දෙන්න. මම මේ web application එකේදී Framework භාවිතා කරන්න සුදානමක් නැහැ. දැන් ඔබේ Web Application එකේ මුලිකය නිර්මාණය වී අවසන්. මෙන්න මෙහෙම පෙනේවි.
 

3 comments :